" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, January 22, 2012

Torrentz බානකොට පොඩි කික් KIK එකක් දෙමුද 2?


හායි යාලුවනේ මෙන්න මම පොරොන්දු උන විඩියටම Torrentz බානකොට පොඩි කික් KIK එකක් දෙමුද කියන පොස්ට් එකේ දෙවෙනි කොටසත් කියන්නයි යන්නේ. හරි එහෙනම් මම කෙලින්ම වැඩේ පටන් ගන්නම්.

හරි ඔයාලා හැමෝම වගේ Torrents බානවා නේද හැබැයි ඉතින් එපා වෙන්නේ සමහර Torrents තියනවා පොඩි File එකක් උනත් ගොඩාක් වෙලා යනවා . ඒකට හේතුව තමයි යාලුවනේ ඒ Torrent එකේ Seeders අඩු කම මම ඉස්සරහට මේ වචන වල තෙරුම් ටික සේරම දාන්නම් කෝ. හරි මම කියන්නම් මේ විඩියට අඩු වේගෙන් බාන එවා Speed කරන්නත් අනිත් ඒවා තවත් Speed කරන්නත් ක්‍රමයක්. ළමයි දැන් හොඳ අවදානෙන් ඉඳලා පාඩම අහගන්න ඕනේ හරිද නැත්තම් ආයේ පස්සේ තේරුනේ නෑනම් කියන්න එපා. හැබැයි එකක් මේක හරියන්නේ UTorrent වලට විතරයි. අනිත් ඒවාට අදාල ටික මම පස්සේ කියන්නම්කෝ.

හරි දැන් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාලගේ Torrents බාන Software එක (UTorrent) Open කරලා ඔයාලාට ස්පීඩ් එක වැඩි කර ගන්න ඕනේ Torrent එක උඩ Click කරන්න. ඊට පස්සේ එහි පහල ඇති INFO TAB එක තෝරන්න.රූපය බලන්න.

හරි ඔයාලා ඒක කරානෙ දැන් කරන්න තියෙන්නේ Info Tab එකේ තියන Genaral නම් කොටසේ ඇති HASH නමින් ඇති කොටස සොයා ඉන්පසු එම Hash කියන එකට ඉස්සරහින් ඇති Code එක උඩ Right Click කර Copy කර ගන්නයි. පහල රූපය බලන්න.

හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ Torrentz.eu කියන වෙබ් සයිට් එකට ගොස් පහල අකාරයට කිරීමයී.


වෙබ් සයිට් එකට මෙතනින් යන්න.

ඔබ එම සයිට් එකට ගොස් එහි ඇති Search තීරුවේ ඔබ කලින් UTorrent වලින් Copy කරගත් Code එක Paste කරන්න. ඉන්පසු Search Button එක උඩ Click කරන්න. පහල රූපය බලන්න.

හරි දැන් ඔයාලාට අලුත් Page එකක් Open උනානේ නේද? දැන් ඔයාලා ඒ Page එකෙ ටිකක් පහලට යන්න. ඒකේ තියෙන්නේ අපේ Torrent එකේ විස්තර තමයි. හරිනේ අයේ ඔයාලා torennt එක Download කරගන්න ඕනේ නෑ ඔයාලා ටිකක් පහලට ගියාම තියනවා Torrent Trackers කියලා Topic එකක් ඒකට ඉස්සරහින් තියනවා අපේ Hash Code එකත් දැක්කනේ නේද? නැත්තම් පහල රූපය බලන්න. අන්න ඒකට යටින් තියනවා µTorrent compatible list here කියලා එකක් නිල් පාට අකුරින් අන්න ඒක තමයි අපිට අවශ‍ය ඉතින් අන්න එතන Click කරන්න. පහල තියන රූපය බලන්නකෝ එතකොට තේරෙයි.

හරි ඒ වැඩෙත් හරියටම කරානම් එතන Click කර ගමන්ම ඔයාලගේ Browser එකේ අලුත් Window එකක් මතු වෙලා ඒකේ වෙබ් සයිට් ටිකක් එයි. (නිකන්ම නිකන් අකුරු ටිකක් විතරයි ඒ එකේතියෙන්නේ.) හරි අවා නේද? පහල රූපය බන්නකෝ අන්න ඒ වගේ හරි ඔයාලා දැන් ඒ එකේ තියන සේරම Address ටික Select කරලා Copy කර ගන්න. පල්ලෙහා වගේ.

හරි දැන් ඔයාලා Browser එක Close කරලා ඔයාගේ UTorrent Software එකට එන්න. දැන් ඔයාලා අයෙමත් ඉස්සෙල්ලා ඔයාලා තෝරගත්ත Torrent එක උඩ දෙපාරක් Click කරන්න නැත්නම් Right Click කර Properties යන්න. එවිට එහි තවත් කුඩා Window එකක් මතු වේවි පහල රූපය වගේ. අන්න එහි Genaral Tab එකේ උඩම ඇති Trackers එකේ පහලටම අවිත් ඔයාලා කලින් Copy එක මෙහි Paste කරන්න. ඉන්පසු එහි පහල ඇති Bandwidth Settings කියන කොටසේ උඩම ඇති Maximum Upload Rate කියන එකේ 0 වෙනුවට 1 යොදන්න. ඉන්පසු Ok කරන්න. පහල රූපය බලන්න.

හරි එහෙනම් දැන් වැඩේ ඉවරයි. ඉතින් ඔයාලා මේ විඩියට ඕනේ Torrent එකක් වේගෙන් බාගන්න පුලුවන් මරු නේද? ඉතින් තවත් කියන්නනම් ගොඩක් දේවල් තියනවා ඒවා ඉස්සරහට කියන්නම්කෝ හරිනේ. ඉතින් අලුත් Post එකකින් නැවතත් හමු වෙමු. තව කියන්න එකක් තියනවා ඔයාලට. ටොරන්ට් එකක් බානකොට ඒ Torrent එක Search කරනකොට Seeders ලා ගොඩක් ඉන්න Torrent එකක් තොරා ගන්න එතකොට කොහොමත් එක Speed බාගන්න පුලුවන්. ඔයාලා මේ Post එකෙන් මොනවා හරි ගත්තානම් මට Comment එකක් දාලම යන්න.

Share:

4 comments:

  1. එල කිරි වැඩක්. පට්ට පට පට තමා.....

    තවත් ටිකක් දෘමු.....

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි යාලුවා දිගටම අපිත් එක්ක රැඳි ඉන්න.. තව ඒවා දානවා දිගටම.

    ReplyDelete
  3. tnx යාලුවා මමත් කාලෙක ඉදල හොය හොයා හිටියේ මේ ගැන. ඒත් කිසිම blog එකක මේ වගේ tricks එකක් ගැන සදහනක් තිබුනේ නැහැ. maxxaa වැඩක්. දිගටම මේ විදියට කරගෙන යන්න.ඔයාගේ දැනූම අපෙත් එක්ක බෙදාගන්නවට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන :)

    ReplyDelete
  4. ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2012 සිරාම බ්ලොග් එක.. යාලුවා මේක ටිකක් වර්තමානයට ගැලපෙනවද මන්දා. "අනුන්ගේ ඇහේ පොල්කෙන්ද පේනවා,තමුන්ගේ ඇහේ පොල් පරාලේ තියාගෙන" මේක ඉතින් අපේ මනුස්ස ස්වභාවයනි.ඒක නිසා ඔන්න මාත් පොඩි ඇදයක් හෙවුවා.මම හරිද මන්දා.... :-)

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ