" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, February 8, 2012

මාසෙන් මාසෙට ශ්‍රී ලංකාවට එන පිටරට කෙල්ලන්ට වෙන දේ..



ඔන්න යාලුවනේ මම තවත් එකක් හොයන් ආවා මේකත් මගේ එකක් නෙවේ මම දැකපු කියවපු එකක්. මේවා කියන් නැතුව ඉන්න බැරි හින්දම ඔන්න ඔයාලටත් කියන්න හිතුවා. එකක්. ගත්තේ මෙතනින්.


ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය දිනෙන් දින ඉහල යමින් පවතිනවා. පසුගිය වසරේ මුල් මාස 11 තුළදී පමණක් වාර්තා වූ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය 1,636ක් වන අතර එය දිනකට 5ක් පමණ වන තත්ත්වයකි.

ලංකාව තුළ පසුගිය කාලයේ සිදුවූ ස්ත්‍රී දූෂණ දෙස බැලූ විට බොහොමයක් වයස 18ට අඩු පාසැල් යන වයසේ ළමයින් වන අතර ඒවා බොහොමයක් සිදුවී තිබුනේ මාමා, බාප්පා, පියා වැනි පවුලේම අයෙකුගෙනි.

පොදු සමාව යටතේ නිදහස් ව පැමිණි පියෙකු තම දියණිය කැළයට ඇදගන ගොස් රැය පහන් වනතුරු දූෂණය කළ පුවතක්ද පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා වුන අතර අවිස්සාවේල්ලේ දැරියකට විටින් විට 35 දෙනෙක් අතවර කර ඇති සිද්ධියක්ද පසුගිය ඔක්තෝබර් මාසයේ වාර්තා වුණා.

ආරාමයක තනිව වැඩ විසූ දසසිල් මාතාවකටද අතවර වූ බව වාර්තාවීම තුළින් අද රටේ සිදුවී ඇති සමාජ පරිහානිය කෙතෙක්ද යන්න පැහැදිලිවේ.

ලංකාවේ ස්ත්‍රී දූෂණ වල තත්ත්වය එසේ පවතිද්දී ලංකාවට පැමිනෙන විදේශීය සංචාරක කාන්තාවන්ද මසකට එක්කෙනා බැගින් දූෂණය වන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. පසුගිය මාස පහ තුළදී දූෂණයට ලක්වූ විදෙස් කතුන්ගේ ප්‍රමාණය පහක් වෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේ බෙන්තොට ප්‍රදේශයේ හෝටලයකදී අවුරුදු 15ක් පමණ වන ජර්මන් ජාතික දැරියක් හෝටල් සේවකයෙකු විසින් දූෂණය කර තිබුණා. ඥාතීන්ගෙන් වෙන්ව හුදකලාව සිටියදීයි මෙම දූෂණය හෝටලය තුළදී සිදුවී තිබුණේ.

ඉන්පසු පසුගිය නොවැම්බර් මාසයේදී මිහින්තලේ ආරාධනා ගල පාමුලදී නවසිලන්ත කතක් වැසිකිළියක් තුළට ඇදගෙන ගොස් අතවර කරන්නට තැත්කර තිබුණා. කාන්තාවගේ සැමියා ආරාධනා පර්වතයෙහි මුදුනට ගොඩවී සිටියදී බිරිඳගේ කෑ ගැසීම අසා පහලට බැසීමේදී ඇයට අතවර කිරීමට උත්සාහ කළ පිරිස පලාගොස් තිබුණා.

ඉන්පසු පසුගිය දෙසැම්බර් මාසයේ 25 වෙනිදා තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප ඇතුළු මැරයන් පිරිසක් විසින් වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි රුසියානු කාන්තාවක් දූෂණය කරනු ලැබුවා.

ඉන් පසුව ජනවාරි 03 වෙනිදා මාතර පොල්හේන මඩිහ ප්‍රදේශයේ හෝටලක් තුළදී ඕලන්ද ජාතික කාන්තාවකට අතවර කර තිබූණා. ඇගේ සැමියා හෝටලයෙන් පිටතට ගොස්‌ සිටිය දී සම්බාහනය කරන බවට පවසා ඇය කැඳවාගෙන ගොස්‌ දූෂණය කර තිබූනේ එම හෝටල් හිමිකරු විසිනි. වෛද්‍ය පරීක්‍ෂණයකට පවා ඉදිරිපත් වීමට අකැමැති වී ඇති ඇය පසුවදාම ලංකාවෙන් පිටත්ව ගොස් තිබුණා.

මේ අතර ඊයේ පාන්දර මාතර දික්‌වැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි ජර්මන් ජාතික කාන්තාවක් දූෂණයට ලක්වී තිබෙනවා

මෙම ජර්මන් කාන්තාව සිය පෙම්වතා ද සමඟ ඊයේ අලුයම 2.30 පමණ වනතුරු හෝටලයේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර පසුව ඇය සිය පෙම්වතා ද සමඟ නින්දට ගොස්‌ තිබෙනවා.

අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා ඇය තදින් නින්දට වැටී ඇති අතර අලුයම 3.00 ට පමණ ජර්මන් කාන්තාව හදිසියේ අවදි වී ඇත්තේ කිසියම් පුද්ගලයකු ඒ වන විට ඇයට අතවර කරමින් සිට ඇති නිසායි.

මුලින් ඇය සිතා ඇත්තේ තමා සමඟ සිටින්නේ තම පෙම්වතා කියාය. එහෙත් තමා සමඟ සිටින පුද්ගලයා වෙනත් අයකු බව පසුව ඇයට තේරුම් ගොස්‌ ඇති නිසා කාන්තාව කෑගසද්දී එම නාඳුනන පුද්ගලයා නිරුවතින්ම කාමරයෙන් පැන දිවගොස්‌ තිබෙනවා. මේ වනතුරුත් කිසිවෙක් ඒ වෙනුවෙන් අත් අඩංගුවට ගෙන නැහැ.

රජය විසින් සිය ප්‍රධාන ආර්ථික ‍ඉලක්කය ලෙස සංචාරක ව්‍යාපාරය තෝරාගෙන ඇති අතර මේ වසරේ සංචාරකයන් 800,000 පැමිණ ඇතැයිද පසුගියදා මාධ්‍ය හරහා හරහා ඉතා ඉහලින් ප්‍රචාරයක් ගෙන ගිය අතර මෙවන් සිදුවීම් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය සුළු පටු නොවේ.

Read more: http://www.gossip9.com/2012/02/blog-post_6726.html#ixzz1lo1yWS88a
Share:

13 comments:

  1. හායි!
    අයියා අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න, ඩවුන් කරගන්න උදව් කරනවා.
    ඒ හැමදේටම ඔයාට ගොඩක් ස්තූතියි!!!!!!!!!!!!!!!

    පුංචි කාරණාවක් දැනගන්න ඕන. මම ගොඩක් උත්සහ කලා, free calls ගන්න විදියක් ගැන හොයන්න. එහිදී මට හමුවුනා yahoo masenger හරහා විනාඩි 07 ක් ferr call ගන්න පුළුවන් කියල. මේ ගැන හොයල ඒ කරන පිලිවෙල බ්ලොග් එකේ පල කලොත් ඒක ගොඩක් දෙනෙකුට උදව්වක් වේවී!

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ