" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, August 27, 2012

අවුරුදු 25 කට පසු අලුත් වූ Microsoft Logo එක


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට හොට් නිව්ස් එකක් අරගෙන මේ කියන්න යන්නේ අපි කව්රුත් දන්න Microsoft ගැන. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව කෙලින්ම කතාවට බහිමුකො නේද?



හරි මේ මගේ පෝස්ට් ඒක උඩ තියනවා නේද පොඩි පින්තුර කෑල්ලක්. හරි එ තමයි මේ වෙනකන් Microsoft එකේ Logo එක වෙනස් උන විදිය. ඉතින් මේ විදියට ඉස්සරහට ආපු ලෝගෝ එක මීට අවුරුදු 25 කට කලින් මෙන්න මේ ලෝගෝ ඒකට ආවා.

ඉතින් මෙයාලගේ Windows 98, Me, NT, XP, Vista, 7 ආදී සියලුම Operating Systems වල අවේ මේ ලෝගෝ එක. ඉතින් මේ ළඟදීම එලියට ආපු Windows 8 සහ Office Package එක සහ අනිකුත් නිෂ්පාදන වල මෙයාලගේ ලෝගෝ එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස් විඉම වෙලා තියෙන්නේ අවුරුදු 25 කට පස්සේ. 

හරි මම කලින් LOGO එක ගැන පොඩි දෙයක් කියන්නම් ඒක තියෙන්නේ කළු අකුරින් Bold සහ Italic කරලා ඊට අමතරව පළමුවම හමු වෙන O සහ S අතර පොඩි වැඩ කෑල්ලක් දාලා තියෙනවා. ඉතින් එ වෙනස් කම් ටික තමයි. මෙයාලගේ අනන්‍ය තාවයට තිබ්බේ. හරි අපි එහෙනම් දැන් බලමු මෙයාලගේ අලුත්ම ලෝගුව..


හ්ම්ම්ම් ලොකු වෙනසක් වෙලා නේ. හැර අපි එහෙනම් බලමු මේ ලෝගෝ එකේ තියන වෙනස් කම් ටික. මේ ලෝගෝ එකේ තියන් ප්‍රදානම වෙනස් කම තමයි මෙයාලා මේ පාර පොඩි Symbol එකක් Add කරලා තියනවා පාට 4ක. ඉතින් එ පාට ටික තමයි රතු , කොළ, නිල් සහ කහ යන පාට ටික තමයි තියෙන්නේ. ඉතින් මේ අකුරු ටික ගැන කියනවානම් අර කලින් ඒක වගේ තද කළු නෙවේ ලා පාටකට තමයි මෙයාලා ඇවිත් තියෙන්නේ.ඉතින් මෙයාල කියන විදියට මේ අකුරු ජාතිය තමයි Segoe font family එක ඉතින් මේ පාට හතර ගැනනම් මම කියන්න දාන්නේ නෑ ඒත් මට හිතුනා මේ Google එකේ පාට හතරවත්ද කියල මොකද ඔයාලා හිතන්නේ.


හ්ම්ම් හරි එහෙනම් මම දැනට නවතිනවා ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. යන්න කලින් පල්ලෙහා තියන වීඩියෝ කට්ටත් බල්ලලම යන්න. අලුත් ලෝගෝ ඒක තමයි තියෙන්නේ. YouTube එකක් ආ...

Share:

2 comments:

  1. තිබ්බ එක වගේමයි. මේකත් MS ලගේ මාර්කටින් කෑල්ලක්ම වෙන්ටෑ!!! වින්ඩෝස් අලුතෙන් එන හැම පාරම තිබ්බ ලෝගුව උනත් ටික ටික වෙනස් වෙලා වගේ තියනවා.

    ඒත් ඉතින් announce කරල කිව්වෙ විශේෂයෙන් වගේ පෙන්නන වෙන්ටෑ!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒකනම් ඇත්ත යාළුවා.මේවා සේරම Business වලට තමයි. ඔයා මොනා උනත් අපි ඉතින් MS Use කරනවානේ. කොහොම උනත් කොමන්ටුවට තැන්කු ආ.....

      Delete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ