" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, August 27, 2012

ඔයාගේ Browser එකෙත් Backup එකක් දාගමුද?


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා. හ්ම්ම් මේ පාර මම ගෙනාවේ ඔයාලට ඔයාලගේ Web Browser එකේ කරන්න පුළුවන් වැඩ කාලි ටිකක් හොයාගෙන. හරි අපි එහෙනම් ඉස්සරහට යමුද?

ඉස්සෙල්ලම මම ඔයාලට කියන්නම් ඔයාලගේ Internet Browser ඒක Backup කරගන්න පුළුවන් විදියක් ගැන. ඊට කලින් අපි බලමු Browser එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ ගැන කියනවානම් මම ඔයාලට කෙලින්ම කෙටියෙන්ම කියන්නම් අන්තර්ජාලයේ තියන වෙබ් පිටු කියන ඒවා කේත කරලා තියෙන්නේ HTML කියන භාෂාවෙන් ඉතින් මේ HTML වලින් තියන වෙබ් පිටු අපිට අපේ භාෂාවට හරවලා අපිට පෙන්නන Software ඒක තමයි Web Browser කියන්නේ.

හරි අපි ඊට පස්සේ බලමු Backup කියන්නේ මොකක්ද කියලා. මේ Backup කියන එකත් කෙටියෙන්ම කිව්වොත් අපේ බ්‍රොව්සෙර් එකේ විස්තර සේරම ඒක file එකකට දාලා අපිට ඒක ආරක්ෂා කරන්න පුළුවන්. ඉතින් මේක අපිට වවැදගත් වෙන්නේ අපේ Browser ඒක Backup කරාම අපේ Browser එකේ මේ වෙනකොට තියන Bookmarks,History, Passwords,Applications, Extensions කියන හැම දේම අපිට ඒක ෆයිල් එකකට දාලා අරන් තියාගන්න පුළුවන්.

හරි අපි එහෙනම් දැන් අපේ Browser එකත් Backup කරගමු. මේක කර ගන්නනම් ඔයාට පොඩි Software කෑල්ලක් ඕනේ වෙනවා. හරි එහෙනම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් ඒක එකෙන් ගිහින් මේක අරන් ඉන්නකෝ ඉස්සෙල්ලම.


හරි අපි එහෙනම් අපේ වැඩේ පටන් ගමු ..

1. ඉස්සෙල්ලාම ඔයාලා මේ Software එක බාගෙන ඒක Setup කරගෙන ඒක Open කර ගන්න. ඊට පස්සේ එහි උඩම දකුණු පැත්තේ ඇති Drop Down List එකෙන් ඔයාලගේ Browser ඒක තෝරන්න.


2. හරිනේ දැන් ඔයාලට මේක කොහෙද තිය ගන්න ඕනේ කියලා තෝරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉන්න  Machine එකෙමද නැත්නම් වෙනත් Cloud Server එකකද කියලා. ඉතින් මෙතනින් ඔයාලා කැමති තැනක කැමති නමකින් ඔයාගේ මේ අලුත් File ඒක Save කරගන්න.


3. ඉන්පු එන්නේ ඔබගේ Web Browser එකේ Profile ඒක තෝරන්න එතනින් ඔබට අවශ්‍ය ඒක තෝරන්න .


4. ඉන්පසු ඔබට එන්නේ ඔබට මේ කරන Backup ඒකට අවශ්‍ය දේවල් ටික තෝරන්න ඉතින් ඔබට අවශ්‍ය දේ තෝරා ඉදිරියට යන්න.


5. හරි වැඩේ එතනින් ඉව‍රයි ඉතින් දැන් ඔයාට මේ Backup ඒක ඉවර වෙනකන් බලන් ඉන්න වෙනවා. ඉතින්  අද අපේ වැඩේ ඉවරයි. හා ඉස්සෙල්ල කියන්න අමතක උන මේ Backup එකක් දාගන්න හේතුව තමයි අපි අපේ Browser ඒක අයින් කරලා යේ දාපුවහම හෝ අපේ Machine එක Format කරාම අපිට අපේ Browser එක පෙර පරිදිම Use කරන්න පුළුවන්.


හරි එහෙනම් ඔන්න යාලුවනේ දැන් මගේ මේ පෝස්ට් එක ඉවරයි . ඉතින් මම ඊළගට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ ආයෙමත් සැරයක් ඔයාලගේ Browser එකට ගොඩාක් වැදගත් වෙන අපේ වැඩ ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් පොඩි වැඩ කෑලි දෙකක් ගැන. හරි එහෙනම් මම දැනට සමු ගන්නම් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු.. 

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ