" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, October 6, 2012

ISO එකක් USB කරගන්න තියන ලේසිම ක්‍රමය


හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් අවේ ඔයාලට පුංචි සොෆ්ට්වෙයා කට්ටක් ගැන කියලා යන්න. හරි අපි එහෙනම් කෙලින්ම යමු මේ මොකක්ද කියලා බලන්න.

ඔයාලා හැමෝම දන්නවානේ ISO එකක් USB එකකට දාගන්න ගියාම එක එක ප්‍රශ්න අපිට එනවා. ඊටත් වඩා ප්‍රශ්නයක් තමයි Bootable  CD / DVD එකක් USB එහෙකට එහෙමත් නැත්නම් Pen Drive එහෙකට දා ගන්න එක. ඒ කියන්නේ අද මම දෙන මේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලෙන් ඔයාලට පුළුවන් ලේසියෙන්ම Bootable Flash Drive එකක් ISO එහෙකින් හද ගන්න. අපි එහෙනම් බලමුද මේ වැඩේ කොහොමද කර ගන්නේ කියලා.


මුලින්ම ඔයාලා මේ සොෆ්ට් ඒක බාගෙන ඒක සෙටප් කර ගන්න. ඉන්පසු එම සොෆ්ට් ඒක ඕපන් කරගෙන එහි උඩම ඇති Browse කියන තැනින් ගොස් ඔයාගේ ISO File ඒක ඇති තැන තෝරා දෙන්න. ඉන්පසු එයට පහලින් ඇති Drive නම් කොටසට ඔබේ USB Drive එක ඇති Drive එක තෝරා දෙන්න.


මෙහිදී ඔබගෙන් අසනුයේ මින් ඉදිරියට ඔබගේ Pen Drive එකේ ඇති සියලුම දත්ත නැතිවී එය Format වන බවයි. 


ඉන්පසු ඔබගේ Pen Drive ඒක Format වී ඔබගේ Pen Drive එක Bootable USB එකක් බවට පත්වෙන ක්‍රියාවලිය සිදුවේ.


දැන් ඔබගේ සියලුම පියවරයන් අවසන්. දැන් ඔබට ඔබගේ Bootable Pen Drive එකෙන් ඕනෑම OS එකක්. දා ගන්න පුළුවන්. ඉතින් මට මේක හම්බුනා තැන තිබ්බ විදියටනම් ඕනෑම Windows OS එකක් පුළුවන් කියලා. එ කියන්නේ Windows XP, Vista, 7 සහ 8 යන ඕනෑම Operating System එකක් පුළුවන් කියලා. හැබැයි එතැන Linux වගේ Freeware ගැනනම් තිබ්බේ නෑ මන් නම් හිතන්නේ ඒවත් මේකට හරියයි, පොඩ්ඩක් try කරලා බලන්නකෝ. එහෙනම් මෙන්න මේ සොෆ්ට් ඒක බාගන්න යන්න ඕනේ ලින්ක් එක. එහනම් අපි ගියා ආයේමත් අලුත් දෙයක් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. 

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ