" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, August 16, 2014

ඔන්න නවවෙනි ජනේලෙත් ඇරෙන්නයි යන්නේ Windows 9 in this September


ඉතින් ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් හොයාගෙන ඔන්න මාතෘකාවේ හැටියටම නවවෙනි ජනේලය (Windows 9) එහෙමත් නැත්නම්  " Windows Threshold" මේ අවුරුද්දෙම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කෝ බලන්න ආ .....


හී හී... නිව්ස් එකේ හැටියට හරියටම දවසක් නම් තවම නැති උනාට අනිවා මේ අවුරුද්දේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝම්බර් මුල ඔයාලට මේ ජනේලය අස්සෙන් රිංගන්න පුළුවන් වෙනවා හැබැයි මේ අවුරුද්දේ මෙයාලා මේ දෙන්න යන්නේ නවවෙනි ජනේලයේ Technology Preview එක තමයි. ඒ කියන්නේ ඔරිජිනල් එක එලියට දාන්න කලින් අඩුපාඩු හොයා ගන්න කරන හැකර් ලට දෙන තෑග්ගක්. ඔන්න එහෙනම් කස්ටිය අනිවා මේ අවුරුද්දෙම " වින් නයින් " වලට සෙට් වෙන්න හොඳේ .... මයික්‍රොසොෆ්ට් එක මේ ගැන තවම මොකුත් කිව්වේ නැති උනාට ZDNET තමයි මෙහෙම කියන්නේ.

මගේ හැටියට නම් මන් තවම වින් සවන්, එයිට් එක මට හරියන්නේ නෑ හැබැයි නයින් නම් හොඳ වෙයි කියලා හිතනවා . Microsoft එකේ OS වලින් බංකොලොත් උන OS දෙකක් තියනවා එකක් Windows Vista අනිත් එක Windows 8 ඉතින් ඉතිහාසයත් එක්ක බලද්දී වින් විස්ටා වලට වඩා වින් 8 එක බන්කොලොත් නිසා තමයි වින් 8.1 ආවේ දැන් ඔන්න 8.1 එකෙන් වර්සන් 2 ඇවිත් 8.2 . කොහොම හරි කමක් නෑ ඔන්න වින් නයින් වලට සුභ පතනවා මේ තොරතුරු ලෝකේ දීර්ග ගමනක් යන්න ලැබෙන්න කියලා.

මෙන්න Microsoft Windows 9 වලට අලුතින්ම දාල තියන වැඩ කෑලි ටිකක්.

Windows Threshold (or 9) is expected to carry a number of new features, including the return of Start Menu (in some form, at least), Modern apps floating on the desktop, offering better coherence with the desktop environment, removal of Charms bar from desktop versions of Windows, and last but perhaps most significant, the integration of Cortana virtual assistant with Windows Threshold.

මෙන්න වින් නයිට් එකේ පොඩි වැඩ ටිකක් පල්ලෙහා තියන වීඩියෝ එක බලන්නකෝ ...


ආ තව දෙයක් කියන්න තියනවා මේ වින් නයිට් එකේ Technology Preview එකනේ ඉතින් වින් නයිට් එකේ ඔරිජිනල් එක අපිට ලබන අවුරුද්දේ අනිවර්යේනම් හම්බෙනවා දැනට තියන් නිව්ස් හැටියට ලබන අවුරුද්දේ අප්‍රේල් මැදදී එලියට දාන්න තමයි ඉන්නේ හැබැයි තවම හරියටම දවසක් වත් මේ වින් නයිට් එකේ ගානක් වත් (මිල) එලියට දාලා නෑ එඅ ගැනත් හොයා ගත්ත ගමන්ම ඔයාලට කියන්නම් එහෙනම් අදට අපි කැපුනා ආයෙමත් අලුත් නිව්ස් එකකින් හම්බෙමු .. කස්ටියටම බුදු සරණයි .,.,.,. !!!!!
Share:

1 comment:

  1. Article writing is also a fun, if you be acquainted with afterward you can write or else it is difficult to write.


    My weblog: stock market trading tip ()

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ