" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, April 28, 2016

මරණින් පසු ඔබේ Facebook ගිණුම කාටද ? මෙන්න උත්තරේ !


මුලින්ම කියන්න ඕනේ මේක හිරු සයිට් එකෙන් උපුටා ගත් එකක් මගේ බ්ලොගයේ යාලුවන්ටත් බලන්න මම දැම්මේ. ලින්ක් එක පල්ලෙහා තියනවා . 

ෆේස්බුක් කියන දේ මේ වෙනවිට ලෝකේ හැම දෙනෙක් අතරම ප්‍රසිද්ධයට පත්වෙලා ඉවරයි.  ඒ කියන්නේ ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් මේ වෙනකොට හොයාගන්නත් අමාරුයි. තමන්ගේ යාළුවෝ වගේම නෑදෑයෝ එක්ක විතරක් නෙවෙයි ෆේස්බුක් එකෙන්ම අලුතින්ම මුණගැහුණු අය එක්ක ගොඩ දෙනෙක් ඒ ඔස්සේ සම්බන්දකම් පවත්වනවා.  ඔවුන් එක්ක ඡායාරූප, වීඩියෝ ශෙයාර් කරගන්නවා, සමහර අවස්ථාවල පෙම්වතුන් වෙලා ඉන්නවානම් පැය ගණන් දවස් ගණන් චැට් කරනවා.

හැබැයි මේ හැමදේම අතරේ අපි කවදාහරි දවසක මේ ලෝකේ දාලා යනවා. එදාට අපේ ෆේස්බුක් ගිණුමට මොනවා වෙයිද ? මේ ගැන ඔබ කලින් හිතන්න නැතුව ඇති. හැබයි ඒ ගැන මේ වෙනකොට ෆේස්බුක් සමාගම හිතලා තියෙනවා.

ඔවුන් හඳුන්වාදෙන අලුත්ම විශේෂාංග තමයි ෆේස්බුක් ගිණුම් හිමියෙක් මියගියාට පස්සේ ඔහුගේ ගිණුමට වෙන දේ ගැන ඔහුට මියයන්නට ප්‍රථමයෙන් තීරණය කරන්න පුලුවන් අවස්ථාවක් උදාකරලා දෙන එක.

ඒ අනුව තමන්ගේ ගිණුම මරණයෙන් පසුව වෙනත් අයෙකුට පැවරීමේ හැකියාව තිබෙන බවයි ඔවුන් පවසන්නේ. නමුත් පවරන පුද්ගලයාට එම ගිණුමේ භාවිතා කල හැකිවන්නේ සීමා සහිතවයි. මියගිය පුද්ගලයාගේ පෞද්ගලික පණිවුඩ ඔහුට නැරඹීමේ හැකියාව නොමැති අතර Profile Pictures, Cover Photos වෙනස් කිරීමේ හැකියාව ඔහුට පවතිනවා. 

ඒ වගේම අවශ්‍යනම් මරණයෙන් පසුව තමන්ගේ ගිණුම අක්‍රීය කිරීමේ හැකියාවද මෙහිදී ඇතුලත් වෙනවා. නමුත් එය අක්‍රීය කිරීමට නම් ඔහු මියගිය බවට ෆේස්බුක් වෙත වෙනත් අයෙක් විසින් දැන්විය යුතු වෙනවා.  ඒ වගේම තමන්ගේ Facebok wall එක වෙනත් අයට එහි පණිවුඩ පලකල නොහැකි ලෙස සකසා ඇත්නම් මරණින් පසුව එය Unlock කර ඔහුගේ මරණය වෙනුවෙන් එහි ශෝකය පළකිරීමේ හැකියාවද මෙම නව විශේෂාංගය මඟින් හඳුන්වාදීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙය ඔබගේ ගිණුමට එක්කරගැනීමට Settings ඔස්සේ Security Settings වෙත ගොස් එහි ඇති Legacy Contact වලට මරණයෙන් පසු ඔබගේ ගිණුම හිමිවිය යුතු කෙනාගේ නම ඇතුලත් කළ හැකියි..

ඉතින් ඔයාලට ඔයාලගේ සෙටින්ග්ස් ටික හද ගන්න මෙතනින් යන්න





Share:

3 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ