" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Friday, November 25, 2016

අපේ රටේ පරිගණක මෙහෙයුම් පද්ධති Sri Lankan OS


පරිගණක යන්ත්‍රයකින් ප්‍රයෝජනයක් ගන්න නම් එයට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර තිබීම අත්‍යාවශ්‍යයයි. වින්ඩෝස්, ඇපල්, ලිනක්ස්, යුනික්ස් මේ පරිගනක මෙහෙයුම් පද්ධති වලට උදාහරණ. මේ මෙහෙයුම් පද්ධති බොහොමයක් බටහිර රටවල නිර්මාණ. මේ අතරින් අපිට වඩාත්ම හුරුපුරුදු “වින්ඩෝස්” මෙහෙයුම් පද්ධතිය. මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානී බිල් ගේට්ස් මහත්මයට ලොව ධනවත්ම පුද්ගලයා වීමේ වාසනාව ගෙනාවෙත් මේ “වින්ඩෝස්” මෙහෙයුම් පද්ධති. ඒවගේම ස්ටීව් ජොබ් මහත්මයාගෙ ඇපල් සමාගමේ “ඇපල්” පරිගණක මෙහෙයුම් පද්ධතියත් ඉතා ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. නමුත් මේ අකාරයේ මෙහෙයුම් පද්ධතියක් අපිට ලබා ගන්න වෙන්නෙ මුදල් ගෙවලා. අපි මිලදී ගත්තත් අපිට ඒවයේ කේත පද්ධතිය (source code) විවෘත නැති නිසා වෙනස් කරලා අපිට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න අවස්ථාවක් නෑ. එහෙම වෙනස් කිරීමත් නීති විරෝධී ක්‍රියාවක්. 

ලොව තවත් ජනප්‍රිය පරිගණක මෙහෙයුම් පද්ධතියක් වෙන්නෙ “ ලිනක්ස්” මෙහෙයුම් පද්ධති. මේ මෙහයුම් පද්ධති වල කේත සටහන (source code) විවෘත (open source) නිසා අපට අවශ්‍ය පරිදි වෙනස් කරලා නව මෙහෙයුම් පද්ධති සකස් කරගන්න හැකියාව තියෙනවා. මේ නිසා විවිධ පුද්ගලයන්, විවිධ සමාගම් විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් මූලික ලිනක්ස් කර්නලය සංස්කරණය කරමින් තැනූ මෙහෙයුම් පද්ධති (Linux Distribution) රාශ්‍රියක්ම දකින්න පුළුවන්. උබුන්ටු,ෆෙඩෝරා, රෙඩ්හැට් , මේ ආකාරයේ ලිනකස් මෙහෙයුම් පද්ධති. ඇතැම් ලිනක්ස් මෙහෙයුම් පද්ධති මිලදී ගන්න අවශය උනත් බොහොමයක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති නොමිලයේම ලබාගෙන භාවිතා කරන්න අවස්ථාව තියෙනවා.

කුමන ආකාරයක උනත් මේ හැම මෙහෙයුම් පද්ධතියක්ම වගේ බටහිර රටවල නිර්මාණ. ඇතැම් විට ඔබ විශ්වාස නොකලත් අපේ රට තුලත් අපේ රටට ගැලපෙන පරිගණක මෙහෙයුම් පද්ධති කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා. නමුත් මෙහිදි සිදු කරලා තියෙන්නෙ සම්පූර්ණයෙන්ම කේත පද්ධතියක් ලියලා අළුතෙන්ම පරිගණක මෙහෙයුම් පද්ධතියක්ම සකස් කිරීම නම් නොවෙයි. ලිනක්ස් මෙහෙයුම් පද්ධති වල කේත සටහන (source code) වෙනස් කිරීම මගින් අපේ රටේ භාවිතයට ගැලපෙන නව මෙහෙයුම් පද්ධතියක් සකස් කිරීම. ඒ නිසා මේ මෙහෙයුම් පද්ධතිත් Ubuntu, Fedora, Red hat වැනිම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් (Linux Distribution) විදියට හඳුන් වන්න පුළුවන් .

ලක්බිම ඉරිදා සංග්‍රහය 2016.10.30

සිලෝන් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය / Cylon Linux Operating System

මේ මෙහෙයුම් පද්ධතිය උබුන්ටු පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්. ඉතා පහසුවෙන් සාමාන්‍ය එදිනෙදා කටයුතු වලට භාවිතා කල හැකි මේ මෙහෙයුම් පද්ධතිය මෙම වෙබ් අඩවියෙන් බාගත කරගෙන (Download) අත්හදා බලන්න පුළුවන්.

ලංකා නෙට් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය / LankaNet Linux Operating System

මෙයත් උබුන්ටු ලිනක්ස් ආශ්‍රයෙන් ලංකාවට ගැලපෙන ලෙස සකස් කරන ලද මෙහෙයුම් පද්ධතියක්. මෙහි සිංහල යුනිකේත අකුරු සහ සිංහල යතුරු ලියනය කිරීමේ පහසුව වැනි පහසු කම් දකින්න පුළුවන්. මේ මෙහෙයුම් පද්ධතිය මෙම වෙබ් අඩවිය මගින් බාගත කර අත්හදා බැලීමේ හැකියාව තියෙනවා.

සහළාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය / Sahalana Linux Operating System

ලොව වැඩියෙන්ම භාවිතා වන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය වන “උබුන්ටු” මෙහෙයුම් පද්ධතියට ඒ නම ලබා දීලා තියෙන්නෙ මනුස්සකම කියන අරුතින්. දකුණු අප්‍රිකානු වචනයක් වන “උබුන්ටු” යන්නෙන් “ ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්” වැනි අරුතක් දනවනවා. ලොව ජනප්‍රියම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය වන උබුන්ටු මනුෂ්‍යත්වය වෙනුවෙන් ලොව පුරා නොමිලයේ බෙදා හැරීම සිදු කරනවා. මේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය මෙරටට ගැලපෙන පරිදි සකස් කර එය “සහළාන ලිනක්ස්” ලෙස නම් කරලා තියෙනවා.

“සහළා” යනුවෙන් යෙදී ඇත්තේ සහෘදත්වය, හිතවත්කම, මිත්‍රත්වය ඇති අයෙක් හැඳින්වීම සඳහාය. “සහ” යන්නෙන් “සමාන” යන්නද “ළ” යන්නේ “ළය - හදවත” යන්නද අර්ථ ගැන්වේ. එවිට “සහළ” යනු “සමාන හදවත් ඇති” යන්නයි. “මනුස්සකම” තිබෙන්නා සෑම විටම අනෙකාගේ හදවතට දැනෙන දේ ගැන සිතයි. “ඔබ වෙනුවෙන් මම සහ අපි” යනුවෙන් සිතයි. “උබුන්ටු” යනු ද එයමය. “ආන” යනු ගෞරවාර්ථ ආමන්ත්‍රනයකි. එබැවින් “සහළාන” යනු “මනුස්සකම ඇත්තාට” ගෞරවයෙන් කරන්නා වූ ආමන්ත්‍රනයකි. මේ අනුව ලක් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය “සහළාන ලිනක්ස්” නම් වේ. මෙහි උද්යෝග පාඨය “සහලේ සියදෑ සිවිමංසල” යන්නය. “සහලේ” යන්නෙන් සමාන ලේ; “සියදෑ” යන්නෙන් තම දේශය යන්නත් “සිව්මංසල” යන්නෙන් සතර දෙසින් එන්නා වූ හෙවත්, සියලු දෙනා යන්නත් මෙයින් අර්ථවත් වේ. ඒ අනුව සැමට භාවිතය පිණිස සැකසු මේ මෙහෙයුම් පද්ධතිය මෙම වෙබ් අඩවියෙන් බාගත කර අත්හදා බැලීමට හැකියාව තියෙනවා. 

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය / Hanthana Linux Operating System

මෙරටදී සකස්කල මෙහෙයුම් පද්ධති අතරන් වඩාත් ජනප්‍රිය වූ මෙහෙයුම් පද්ධතිය වෙන්නෙ හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය.මේ මෙහෙයුම් පද්ධතිය ෆෙඩෝරා (ෆෙඩෝරා යනු උබුන්ටු වැනි තවත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි) පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්. මෘදුකාංග දේශීයකරණය වැඩසටහන වඩාත් සාර්තක වෙන්න හේතු වුනේ මේ මෙහෙයුම් පද්ධතිය නිසා. අදටත් වැඩිම පිරිසක් භාවිතා කරන මේ මෙහෙයුම් පද්ධතිය මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුළුවන්.

ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය / Isuru Linux Operating System

උබුන්ටු පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක් වන මේ මෙහෙයුම් පද්ධතිය අධ්‍යාපන අමාත්‍යාංශයෙ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාකාව මගින් සංවර්ධනය කරන මෙහෙයුම් පද්ධතියක්. පාසල්වල පරිගණක සඳහා මෙහෙයුම් පද්ධතියක් ලෙස සකස්කරන ඉසුරු ලිනක්ස් සමග අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියළු මෘදුකාංග අන්තර් ගත කරලා තියෙනවා. මේ මෙහෙයුම් පද්ධතිය මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුළුවන්.

මේ අපේ රටේ පරිගණක මෙහෙයුම් පද්ධති හදන්න ගත්ත උත්සාහය පිලිබඳව ජන මාධ්‍ය මගින් කතා කරන පළමුවෙනි අවස්ථාව. මෙයින් උත්සාහ කලේ අපේ රට වෙනුවෙන් නොමිලයේ නිදහසේ භාවිතා කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක් හදන්න උත්සාහ දරපු අය අගය කරන ගමන් ඒ පිළිබඳව රට දැනුවත් කරන එක. එය ඉදිරි ගමනකට යෝධ පිම්මක් වේවි. 

ඇතැම් කරුනු Tharaka-Lankanet බ්ලොග් අඩවියෙන් ලබා ගන්නා ලදි.
Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ