" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, June 25, 2017

සෝනි සමාගම නිර්මාණයකල සිවිකාච (Contact Lens) වීඩියෝ කැමරාව


සෝනි සමාගම මෑතකදී ගොනුකල පේටන්ට් බලපත්‍ර ඉල්ලුමකට අනුව ඔවුන් සිවිකාචයක වීඩියෝ කැමරාවක් නිර්මාණය කිරීමට සමත්වී ඇත. 

එපමණක් නොව එම කැමරාවට පටිගත කල වීඩියෝ ගබඩාකරගෙන නැවතත් සිවිකාචය මතම ප්‍රතිවාදනය කල හැකිය.

පටිගත කිරීම ඇරඹීම, නැවැත්වීම, ප්‍රතිවාදනය හා රෙකෝඩරය නිවාදැමීම ඇසිපිය ගැසීමෙන් සිදුකල හැකිය. සාමාන්‍ය ඇසිපිය ගැසීම හා ඇසිපිය විධානයන් වෙන්කොට හඳුනාගැනීමට කැමරාව සමත්ය. 

එමෙන්ම ඇසිපිය ගැසීම නිසා වීඩියෝවේ ඇතිවන හිස්තැන් පුරවා දැමීමට මෙන්ම හිස ඇලකොට යමක් දෙස බලනවිට ඇලට පටිගතවන වීඩියෝව කෙලින් ප්‍රතිවාදනය කිරීමටද මෙය සමත් බව පේටන්ට් අයදුම් පතේ සඳහන්වේ.

එහෙනම් අදට අපි යනවා ආයෙමත් අලුත් හොට් නිව්ස් එකක් අරන් ඉකමනටම එන්නම් කට්ටියටම ජය ...


Share:

දරුවා පාසලට ඇතුලත් කරගැනීමට අවශ්‍යවන ලිය කියවිලි ගැන ඔබ දැනුවත් ද?


දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න දරුවෙක් හදනවටත් වඩා අමාරුයි. අද කාලෙ හුඟක් දෙමව්පියන් මෙහෙම කියන්නෙ ඇයි?  දරු‍වන් ඇතුළත් කරගැනීමේදී වැදගත් වන ලියකියවිලි අඩුපාඩු නැතිව ඔබ ළඟ තිබුණොත් ඔබ හිතන තරම් මේ වැඩේ අමාරු නැහැ.
දරුවා ඉස්කෝලෙට ඇතුළත් කරන අවුරුද්දෙ ජනවාරි 31 වැනිද වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙලා තියෙනවද?  මේක තහවුරු කරන්න දරුවගේ උප්පැන්න සහතිකය ඕනේ.

එකම පාසලකට ගණ(කාණ්ඩ) කිහිපයකින් ඉල්ලුම් කරනවනම් එක් එක් ගණවලට(කාණ්ඩ) වෙන වෙන ම අයදුම්පත් ඉදිරිපත්කරන්න ඕනේ. (උදා ඔබ කොළඹ විශාකා විද්‍යාලයට ආදි ශිෂ්‍ය කාණ්ඩයෙන් සහ ආසන්නතා කාණ්ඩයෙන් අයදුම්කරන්න සුදුසුකම් තියෙනවනම් ඒ කාණ්ඩ දෙක සඳහා වෙන් වෙන්ව අයදුම් කරන්න ඔබට පුළුවනි.

දරුවා ඇතුළත් කරන්නට ඔබ කැමති පළාත් පාසල් 3ක් ඇතුළුව පාසල් 6කට අයදුම් කරන්න ඔබට පුළුවන් බවත් මතක තබාගන්න. වෙන් වෙන්ව පාසල් වෙත පිළියෙල කරන ඒ අයදුම්පත්වල ප්‍රමුඛතා අනුපිළිවෙළට පාසල් නම් කරන්න ඕනේ.

අයදුම් කරන පාසලට ආසන්න පදිංචි කරුවෙක් නම් ඒ බව තහවුරු කරන ලියකියවිලි ඕනේ. ඡන්ද හිමි නාම ලේඛනයේ අවුරුදු පහක පදිංචිය තිබුණොත් ඔබට මේ කාණ්ඩය යටතේ ලබාදෙන ලකුණු 5 ම ලැබේවි. හිමිකම තහවුරු කරන්න මේ ලේඛන ඕනෙ එකකින් පුළුවන්.

(සින්නක්කර ඔප්පු/තෑගි ඔප්පු/දීමනා පත්‍ර/රජයේ ප්‍රදාන/ප්‍රකාශන ඔප්පු/ගෙවීමේ පදනම මත ඇති නිවාස ලේඛන)
පදිංචිය තහවුරු කරන්න මේ ලියකියවිලිත් ඔබට යොදාගන්න පුළුවනි.
(ජාතික හැඳුනුම්පත / විදුලි බිල්පත/ජල බිල්පත / දුරකථන බිල්පත්/ දරුවාගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාඩ්පත/ සමෘද්ධි හිමිකම් කාඩ්පත/ විවාහ සහතිකය/ බැංකු ගිණුම් ‍පොත/ ඔබේ රාජකාරී පත්වීම් ලිපිය)
තව දෙයක් මතක තියාගන්න. ඔබ දරුවා ඇතුළත් කරන්නේ ආදිශිෂ්‍ය ගණයෙන් නම්, ඒ කියන්නේ දරුවා ඇතුළත් කරන්න හදන පාසලේ ඔබ ආදිශිෂ්‍යයෙක් නම් පාසල් කාලය තුළ ඔබ ලබාගත් අධයාපන ජයග්‍රහණ ආදිය ඇතුළත් සහතික සහ වෙනත් ලියකියවිලි වෙනම එකතු කරගෙන තියාගන්න. ඒ සහතිකවලට, ඔබේ ක්‍රියාකාරී සහභාගීත්වය ඔප්පු කරන ලේඛනවලට මේ ගණය යටතේ ඔබට ලකුණු ලැබෙනවා.
දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කෙරෙනවා.
පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්  – 50%
පාසලේ ආදි සිසු/සිසුවියන්ගේ දරුවන් – 25%
දැනටමත් අදාළ පාසලේ සහෝදර සහෝදරියන් ඉගෙනුම ලබන දරුවන් – 15%
අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දරුවන් – 05%
සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු ලැබූ නිලධාරීන්ගේ දරුවන් – 04%
දරුවා සමඟ විදේශගතව සිට නැවත පැමිණි දෙමව්පියන්ගේ දරුවන් – 01%

දරුවන් ඇතුළත් කරගන්න සම්මුඛ පරීක්ෂණවලට ගිහින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරල අපහසුතාවට ලක්වෙන්නෙ නැතිව ඔබට අයදුම් කරන්න පුළුවන් කාණ්ඩය නිවැරදිව තෝරාගන්න. ඉන් පසු ඔබට අවශ්‍ය ලියකියවිලි කල් ඇතිව සූදානම් කරගන්න. හොඳින් මතක තබාගන්න, කිසියම් හෝ වැරදිසහගත ලේඛනයක් ඔබේ අයදුම්පත සමඟ තිබුණොත් ඒ අයදුම්පත සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඔබේ දරුවාගේ ජීවිතය එක්ක බොරු කරන්න එපා.
මීට අමතරව 2018 වර්ෂයට අදාළ නව චක්‍රලේඛණයේ අලුතෙන් වෙනස්වී ඇති තොරතුරු දැනගන්න කැමති අයට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය බලන්න පුළුවනි. මේ තමයි ඒ චක්‍රලේඛය ඩවුන්ලෝඩ්කරගන්න වෙබ් ලිපිනය (www.moe.gov.lk) අනික් වෙබ් අඩවි පලට පහත ලිනක්ස් භාවිතා කරන්න.
එහෙනම් කට්ටිය වැඩේ හරියටම කරගන්න ඔබ සැමට ජය ...
Share:

Saturday, June 24, 2017

පොඩ්ඩන්ට ආරක්‍ෂිත Search Engine එකක් | Kiddle


අපි පොඩි කාලේ internet වෙනුවට පාවිච්චි කරේ Encarta Kids.එත් අදත් එක්ක බලදී තාක්ෂනේ දියුණුවත් සමගම දැන් ඉන්න පොඩි ළමයි කෙලින්ම පාවිච්චි කරන්නේ internet තමයි. ඉතින් මේ අයගේ ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන්ද?? (FB හරහා ද ඔබේ අදහස් වලට පහල ඉඩ සලස්වා ඇත)


අද කියන්න යන්නේ මේ පොඩ්ඩන්ගේ ආරක්ෂාව සඳහාම Google විසින් නිර්මාණය කරපු Search Engine එකක් ගැන.ඒක තමයි මේ Kiddle කියන්නේ. kiddle කියන web ලිපිනයෙන් ඔබට එයට පිවිසිය හැක.




තව දෙයක් තියෙනවා.ඔයාලා පාවිච්චි කරන web browser එකේ settings වලින් Homepage එකට මේ web address ඒක දුන්නාම කෙලින්ම load වෙන්නේ මේ search engine එකට.එතකොට අමුතුවෙන් address ගහ ගහ ඉන්න ඕනේ නෑ.

Screen Shots හරියට පෙන්නේ නැත්තන් ඒ මත click කරන්න.......



අපේ අනිත් වෙබ් අඩවි වලටත් පොඩ්ඩක් ගිහින් සැප එකක් දෙන්න යාලුවනේ



එහෙනම් මම අදට ගියා.ඔයාලගේ අදහසුත් පහලින් Comment කරගෙන යන්න අමතක කරන්න එපා. කට්ටියටම ජය වේවා ....
Share:

Thursday, June 22, 2017

iPhone සහ Android රහස් කේත මොකද කියන්නේ ගේමක් දෙමුද? - {iPhone & Android Secret Codes 2017}



iPhone  & Android  කැපිල   යනවා නේද? මේ දෙකේම ඔබට ගොඩක් වැදගත් වෙන codes ටිකක් තමයි අද ලිපියෙන් දෙන්නේ. ගොඩක් වෙලාවට Phone එකේ ගුණාත්මක බාවය වගේ දේවල් මේකෙන් බලන්න පුළුවන් Phone එකක් . Use කරපු එකක් ගන්නකොටට් මේවා ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.

Cod එක සහ එකේ ක්‍රියකරිතාවය  යටින් තියෙනවා සින්හෙලෙන්ම ලොල්



iPhone Secret Codes 2015

Codes
*#06#
It will display your iPhone IMEI. It is an identifier for your mobile phone hardware.

*3001#12345#*
This code opens you field mode which contains all of iPhone inner settings, cell information, and newest work.

*#67# 
You can check the number in order to call forwarding when the iPhone is busy. And again, but for when the iPhone is busy.

*646# (Postpaid only)
It will play you available minutes.

*225# ( Postpaid only)
To check the Bill Balance

*777# 
To check the Account balance use this code for prepaid iPhone only.

 *#33#
You can check call control bars by using this code. Also for seeing whether barring is enabled or disabled for outgoing you can check all the usual suspects like fax, SMS, voice, information, etc.

*#76#
For checking connected line presentation is enabled or not you can use this code. like to the calling line presentation, you can also check whether the connected line presentation is enabled or disabled.
 
*#21#
You can set inquiry for call forwards. Find the settings for your call forwarding. You will see whether you have a fax, SMS, voice, knowledge, sync, async,  paid access &   packet access call forwarding enabled or disabled.

*3282#
It will let you know about the use of information info.

*#61#
To check a number of missed calls.

*#62#
 You can verify the number for forwarding calls If there is no service is available. 

*3370#
EFR mode Enhanced Full Rate improves your iPhone voice quality, but it will slightly reduce battery life.

*#5005*7672#
To check  SMS center.

 *331*
Barring code # Outgoing calls abroad to block the lock code to inquire about her please contact your work operator.
 
 *#43# 
Call Waiting Status.
  
*43#  
 Activate awaiting.

 #43#  
Deactivate waiting.
   
*#31#  

It allows you hide your number.


Android Codes 



ශෝක්  නේද? එනම් ඔන්න්න වැඩේ අහවරයි . අපි ගියා බයි බායී ....
Share:

Wednesday, June 21, 2017

කරමුද හැක් පාරක් ඩොස් වලින් හික් ගෑවෙන්න - Best CMD Commands Used in HACKING



Networking ගැන ඉගෙන ගන්න අයට  ඉගෙන ගන්න ඉන්න අයට   වැදගත් වෙන post  එකක් තමා මම අද දාන්නේ , network  එකක් ඇතුලේ සිද්ද වෙන දේවල්  මේ Commands වලින් බලා ගන්න පුළුවන් , Network  එකේ විස්තර අපිට දැන  ගන්න පුළුවන් ඒවා දැන  ගත්තම තමා hack  කරන්නත් පුළුවන් වෙන්නේ , hack  කරන එක ලේසි නැහැ, එත් බැරිත් නැහැ එකට ලොකු දැනුමක් , working  experience  එකක් ඕනේ. මේ coads  hack  කරන අය  use  කරන basic  commands  ටිකක්



nslookup
net view
net use
net user
ping
tracert
arp
route
nbtstat
netstat
ipconfig


අපි Commands  කීපයක් බලමු , ඉතුරු ටික Google  කරලා හොයල බලන්න  :)


nslookup 

මේ command  එකෙන් තමා ඔයා නොදන්නා IP  එකක් හොයා ගන්නේ ,eg:- lets think you dont know what is facebook ip ? so bn ubata pluwan just type this Command in CMD like this ,

nslookup  facebook.com   මේක CMD  එකේ type  කරලා Result  එක බලන්න ..


ipconfig

මේකෙන් පුළුවන් ඔයාගේ IP  එක ඇතුළුව ඔයාගේ MAC  ඒ හැමදේම බල ගන්න ...

arp

මේකෙන් පුළුවන් MAC  Adress  Table  එක බලා ගන්න 

route

මේ Command  එකෙන් Routing  Table  එක බලන්න පුළුවන් 

netstat 

net  Connaction  States  එක මේකෙන් බලාගන්න පුළුවන් 

මෙන්න මේ වගේ වැඩ තමා මේවගෙන් වෙන්නේ ඉතින් මේවා  වැඩ කරන්න නම් ඔය CMD එක RUN  as  Administrator  දෙන්න ඕනේ ! ජය  !!!

උපුටා ගත්තේ : ginilihiniya

Share:

Sunday, June 18, 2017

මානසික අක්‍රමිකතා වලින් මිදෙන්නේ කෙසේද?


මුලින්ම කියන්න ඕනෙ, මම මානසික වෛද්‍යවරයෙක් නෙමෙයි. ඉතින් ඔබට බරපතල මනසික අක්‍රමිකතාවයක් හෝ මානසික ගැටළුවක් තිබෙනවා නම් ඔබ වහාම සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයෙක් හමුවන්න.

ඒ කෙසේ වෙතත් මිතුරෙක්ට හෝ නෑදෑයෙක්ට හෝ ඔබගේ මවට, පියාට, සහෝදරයෙකුට, සහෝදරියකට පවසා ඔබගේ ගැටළුවට යම් සහනයක් ලබාගන්නට උත්සාහ කළ හැකියි. (එහෙම සමහරක් මගේ මිතුරු මිතුරියන් මා සමඟත් කතා කර යම් විසඳුම් ලබාගෙන තිබෙනවා.) 

මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වන්නේ යම් සරළ දේවල් ටිකක්. මීට අමතරව තවත් බොහෝ දේ තිබෙනවා. 

1. බලාපොරොත්තු සහිත වන්න.
බලාපොරොත්තුව කියන්නෙ හරිම පුදුම දෙයක්. හුඟක් ප්‍රශ්න ඒකට විසඳන්න පුළුවන්. දෙවියො පැන්ඩෝරාට අර රහස් පෙට්ටිය දීල කිව්වලුනෙ පොළවට යනකම් ඒක ඇරල බලන්නෙපා කියල. ඒත් පැන්ඩෝරාට තිබ්බ නොඉවසිල්ල නිසා ඇය මඟදිම පෙට්ටිය ඇරියලු. එතකොට ඒකෙ තියෙන දේවල් එලියට හැලුනලු. කලබලේට පැන්ඩෝරා පෙට්ටිය වැහුවත්, අන්තිමට පෙට්ටිය ඉතුරු උනේ "බලාපොරොත්තුව" විතරයිලු.

ඉතින් මිනිස්සුට තියෙන ලොකුම වත්කමක් තමයි මේ බලාපොරොත්තුව. බලාපොරොත්තුව හිතේ තියාගෙන අපට තිබෙන මානසික පීඩනයෙන්, ගැටළු වලින් සහනයක් ලබන්නට අපට පුළුවන්.

2. ඔබගේ ගැටළු සමභ සටන් නොකරන්න.
ගැටළු තියෙන්නෙ විසඳන්න. නැතිනම් අතෑරල දාල ඉන්න. ඒවත් එක්ක අපි සටන් කරන්න සටන් කරන්න ගැටළුව ශක්තිමත් වෙලා අපිව තලා පෙලා දානව. ඉතින් ගැටළුවට නිදහසේ සාමකාමීව මුහුණ දෙන්න. සටන් කරල කරල අන්තිමට වෙන්නෙ අපිම වෙහෙසට පත් වෙන එක විතරයි.

3. බියට මුහුණ දෙන්න.
බිය කියන්නෙ අමුතුම දෙයක්. මිනිස්සු හැම දේටම බිය වෙනව. අඳුරට, අවතාර වලට, යක්කුන්ට විතරක් නෙමෙයි, ප්‍රශ්න වලටත්. ප්‍රශ්න වලට බය උනොත් අපිට හිත නිදහසේ ජීවත් වෙන්න බැරි වෙනව. 

එහෙම බය උනු අය තමයි ඔය සියදිවි නසාගන්නෙ. ඒ ගැටළු වලට මුහුණ දෙන්න බය වෙලා. 

ඉතින් කිසිම අවස්ථාවට ප්‍රශ්න වලට බයවෙන්නෙපා. ප්‍රශ්න වලට ඔයාව බය කරන්න දෙන්නත් එපා. ප්‍රශ්න වලට නිර්භීතව මුහුණ දෙන්න.

4. තමා සිටින තත්වය තමා පිළිගන්න.
සමහරු ඉන්නව තමන් ඉන්නෙ කොයි වගේ තැනකද කියල තේරුම් ගන්නෙ නැති අය. සමහර ප්‍රශ්න නැති අය ඒ ගැන හිතල මානසිකව වැටෙනව. සමහර ප්‍රශ්න තියෙන අය ඒව ගැන හිතල මානසිකව වැටෙනව. තමන් ඉන්නෙ මොන වගේ තත්වයකද කියල තේරුම් ගන්න ඕනෙ. 

සමහර ප්‍රශ්න තියෙනව එතරම් හිතන්න අවශ්‍ය නැති ප්‍රශ්නයක් නොවන ප්‍රශ්න. සමහර ප්‍රශ්න තියෙනව හොඳින් සිතා බලා විසඳුම් හොයන්න ඕනෙ ප්‍රශ්න.

තමන්ගෙ තත්වය කිව්වම තවත් දෙයක් තියෙනව. ඔය කියන ප්‍රශ්න වලට මුහුණ දෙන්න අවශ්‍ය ආයුධ ආම්පන්න තමන් ලඟ තිබෙනවාද කියල තේරුම් අරගන්න ඕනෙ. ඒ ප්‍රශ්නයට මේ අවස්ථාවේ කෙලින්ම මුහුණ දෙන්න හෝ තාවකාලිකව පසුබහින්න හෝ වෙනත් දෙයක් සිදු කරන්න තමන් දැන් ඉන්න තත්වය යටතේ පුළුවන්ද කියල තමන් තේරුම් ගත යුතු වෙනවා.

5. අවදියෙන් සිටීමට ඉගෙන ගන්න.
වටපිටාව ගැන, පරිසරය ගැන විතරක් නෙමෙයි, තමන් ගැනම උනත් අවදියෙන් සිටින්නට ඕනෙ. මොකද අපි අපි ගැන, අපි වටේ සිදු වෙන දේවල් ගැන අවදියෙන් සිටියෙ නැති නම් තියෙන ගැටළු කොහෙද යන්නෙ, ගැටළු එක්ක පුළුවන් අවස්ථා, තැන් මොනවද කියල අපිටම තේරුම් යන්නෙ නෑ. අරම අවදියෙන්, අවදානයෙන් හිටියොත් අපිට පේන්න ගන්නව අපිට ගැටළු එන්නෙ කොතනින්ද, කොහොමද කියල. එතකොට අපිට ඒව වෙනුවෙන් ප්‍රතික්‍රියා කරන්න තවත් කාලය ලැබෙනව.

6. කරදර වලින් පාවෙලා ඉවතට යන්න.
සමහර ප්‍රශ්න තිබෙනව එතරම් හිතන්නෙ නැතිව අතෑරල දාන්න පුළුවන් ඒව. නැතිනම් අපිට කිසිම අතුරු ආන්තරාවක් නැති ඒව. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලින් හෙමීට පාවෙලා ඉවතට යන්න.

මේ කියන්නෙ අපිට බලපෑමක් කරන්න ඕනෙ ප්‍රශ්න වලින්  එහෙම පැනල යන්න කියන එක නෙමෙයි හරිද. 

7. හැම වෙලේම කිසියම් වැඩක යෙදෙන්න.
ප්‍රශ්න හිතින් ඉවත් කරන්න පුළුවන්, මානසික අක්‍රමිකතා වලින් මිදෙන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි, මොකාක් හරි වැඩක යෙදෙන එක.

අපිට පුළුවන් සින්දුවක් අහන්න, පොතක් කියවන්න, කවියක් පබඳින්න, වත්තෙ පිටියෙ වැඩක් කරන්න, ජිම් එකට යන්න, චිත්‍රයක් අඳීන්න, ටී වී එක බලන්න, වගේ විවිධ දේවල්.

මේ දේවල් වලින් අපේ හිත නිදහස් වෙනව, එහෙ මෙහෙ දුවන එක නවතිනව.

ඊලඟට ඔයාලගෙ හිතට වද දෙන ප්‍රශ්නයක් ආපු වෙලාවට මේ දේවල් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න. අනිවාර්යයෙන්ම සාර්ථකත්වයක් තියේවි. 

උපුටා ගත්තේ -: madhawaweblog 
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ