Zoom මේ දින වල ඉතා ජනප්‍රිය වීඩියෝ සංවාද මෘදුකාංගයකි. මෙහි නොමිලේ ලබා ගත හැකි සංස්කරනයෙහි එකවර 100 දෙනෙකුට මිනිත්තු 30 ක කාලයක්(තවත් මිනිත්තු 10 ක් ද ඉන්පසුව අතිරේකව ලබා ගත හැකිය) වීඩියෝ සංවාද වල යෙදිය හැකිය. භාවිතය පහසුවීම මෙන්ම විවිධ උපාංග වලට සහය සැපයීම(ඩෙස්ක්ටොප් පරිගණක වල සිට ජංගම දුරකථන දක්වා) නිසා බොහෝ ජනප්‍රිය වී තිබේ. කෙසේනමුත් ආක්ෂාව ගැන Zoom හි ගැටලු ඇති බව බොහෝ පරිගණක විද්‍යාඥයන්ගේ අදහසයි. අනෙක් අතට Zoom යනු චීන සමාගමක් කිහිපයක් මෙන්ම හොංකොන් හි සමාගම් එක්ව පහිටුවා ගත් සර්වර් හරහා ක්‍රියාත්මක වන්නකි. චීනයේ හැසිරීම ගැන බොහෝ රටවල සතුටක් නොමැත. චීන උපකරණ වෙනත් රටවල ඔත්තු බලන බව බටහිර රටවල චෝදනාවයි(උදා- හුවාවි වෙත බොහෝ බටහිර රටවල් චෝදනා එල්ල කළ අතර ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එයට ලබා නොදීම දක්වා ඔරෝවක් පසුගිය වසරේ ඇති විය.... පසුව එය යටපත් වී ගියේය.)
ඉන් පසුව ඇති වූ ලොකුම කතාබහ වන්නේ ගූගල් සමාගමෙහි සේවකයන්ට Zoom මෘදුකාංගය භාවිතය තහනම් කිරීමයි. කෙසේ නමුත් Zoom වලට ඇති විකල්ප රාශියකි. ඒවා එතරම්ම මට සිලිටු නොමැති වුවද මෙහිලා Microsoft Team, Google meet… වැනි මෘදුකාංග තාක්ෂණික පැත්තෙන් ඉදිරියෙන් සිටී. සාමාන්‍යයෙන් මා මෘදුකාංග වල නීන්‍යානුකූල නොවන සංස්කරණ භාවිත කරන්නේ නැති වුවද මිල දී ගත් Microsoft Team මෘදුකාංගය තරමක් User-friendly බවින් අඩු යැයි හැඟේ.
මේ කලබල අස්සේ ගූගල් සමාගම Google meet මෘදුකාංගය ඉදිරි සති කිහිපයේ සිට(තවම නොමිලේ ලබා දී නැත) නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. ඒ සැප්තැම්බර් මාසය වන තෙක් වන අතර Google meet හි නොමිලේ ලැබෙන සංස්කරණය කෙසේ දැයිි අපි බලා සිටිමු.