" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Friday, May 1, 2020

Google Meet නොමිලේ දෙන්න යයි


Zoom මේ දින වල ඉතා ජනප්‍රිය වීඩියෝ සංවාද මෘදුකාංගයකි. මෙහි නොමිලේ ලබා ගත හැකි සංස්කරනයෙහි එකවර 100 දෙනෙකුට මිනිත්තු 30 ක කාලයක්(තවත් මිනිත්තු 10 ක් ද ඉන්පසුව අතිරේකව ලබා ගත හැකිය) වීඩියෝ සංවාද වල යෙදිය හැකිය. භාවිතය පහසුවීම මෙන්ම විවිධ උපාංග වලට සහය සැපයීම(ඩෙස්ක්ටොප් පරිගණක වල සිට ජංගම දුරකථන දක්වා) නිසා බොහෝ ජනප්‍රිය වී තිබේ. කෙසේනමුත් ආක්ෂාව ගැන Zoom හි ගැටලු ඇති බව බොහෝ පරිගණක විද්‍යා‍ඥයන්ගේ අදහසයි. අනෙක් අතට Zoom යනු චීන සමාගමක් කිහිපයක් මෙන්ම හොංකොන් හි සමාගම් එක්ව පහිටුවා ගත් සර්වර් හරහා ක්‍රියාත්මක වන්නකි. චීනයේ හැසිරීම ගැන බොහෝ රටවල සතුටක් නොමැත. චීන උපකරණ වෙනත් රටවල ඔත්තු බලන බව බටහිර රටවල චෝදනාවයි(උදා- හුවාවි වෙත බොහෝ බටහිර රටවල් චෝදනා එල්ල කළ අතර ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එයට ලබා නොදීම දක්වා ඔරෝවක් පසුගිය වසරේ ඇති විය.... පසුව එය යටපත් වී ගියේය.)



ඉන් පසුව ඇති වූ ලොකුම කතාබහ වන්නේ ගූගල් සමාගමෙහි සේවකයන්ට Zoom මෘදුකාංගය භාවිතය තහනම් කිරීමයි. කෙසේ නමුත් Zoom වලට ඇති විකල්ප රාශියකි. ඒවා එතරම්ම මට සිලිටු නොමැති වුවද මෙහිලා Microsoft Team, Google meet… වැනි මෘදුකාංග තාක්ෂණික පැත්තෙන් ඉදිරියෙන් සිටී. සාමාන්‍යයෙන් මා මෘදුකාංග වල නීන්‍යානුකූල නොවන සංස්කරණ භාවිත කරන්නේ නැති වුවද මිල දී ගත් Microsoft Team මෘදුකාංගය තරමක් User-friendly බවින් අඩු යැයි හැඟේ.



මේ කලබල අස්සේ ගූගල් සමාගම Google meet මෘදුකාංගය ඉදිරි සති කිහිපයේ සිට(තවම නොමිලේ ලබා දී නැත) නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. ඒ සැප්තැම්බර් මාසය වන තෙක් වන අතර Google meet හි නොමිලේ ලැබෙන සංස්කරණය කෙසේ දැයිි අපි බලා සිටිමු.


Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ