" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, December 13, 2020

ලංකාවේ පුංචි කෞතුකාගාරය - අරුම පුදුම දේවල් ගොඩාක් තියන අනිවාර්යෙන්ම ඔබ යන්නම ඕනේ - Padeniya Antiques

ලෝකේ වටේම තියෙන අරුම පුදුම දේවල් ගොඩාක් අපිට මේ තැනට ගිහින් බලාගන්න පුළුවන්.පරණ බඩු වගේම වටිනා කියන වෙනත් දේවලුත් මේ කියන තැන තියනවා. පරණ පිත්තල බඩු, පුස්කොල පොත් , බිත්ති ඔරලෝසු , අධ්‍යාපනික වටිනා පොත් සහිත පුස්තකාලයක් , සංගීත භාණ්ඩ, කැමරා වර්ග, ග්‍රැමෆෝන්, රෙදි මහන මැෂින් , පරණ ටෙලිෆෝන් , කඩු ,දුනු, ආදී තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. පාදෙණිය මහතාව හමුවීමට වීඩියෝවේ ඇති දුරකථන අංකය හා සම්බන්ධ වන්න පුළුවන් .

වීඩියෝව මෙතනින් බලන්න

Share:

Friday, May 1, 2020

Google Meet නොමිලේ දෙන්න යයි


Zoom මේ දින වල ඉතා ජනප්‍රිය වීඩියෝ සංවාද මෘදුකාංගයකි. මෙහි නොමිලේ ලබා ගත හැකි සංස්කරනයෙහි එකවර 100 දෙනෙකුට මිනිත්තු 30 ක කාලයක්(තවත් මිනිත්තු 10 ක් ද ඉන්පසුව අතිරේකව ලබා ගත හැකිය) වීඩියෝ සංවාද වල යෙදිය හැකිය. භාවිතය පහසුවීම මෙන්ම විවිධ උපාංග වලට සහය සැපයීම(ඩෙස්ක්ටොප් පරිගණක වල සිට ජංගම දුරකථන දක්වා) නිසා බොහෝ ජනප්‍රිය වී තිබේ. කෙසේනමුත් ආක්ෂාව ගැන Zoom හි ගැටලු ඇති බව බොහෝ පරිගණක විද්‍යා‍ඥයන්ගේ අදහසයි. අනෙක් අතට Zoom යනු චීන සමාගමක් කිහිපයක් මෙන්ම හොංකොන් හි සමාගම් එක්ව පහිටුවා ගත් සර්වර් හරහා ක්‍රියාත්මක වන්නකි. චීනයේ හැසිරීම ගැන බොහෝ රටවල සතුටක් නොමැත. චීන උපකරණ වෙනත් රටවල ඔත්තු බලන බව බටහිර රටවල චෝදනාවයි(උදා- හුවාවි වෙත බොහෝ බටහිර රටවල් චෝදනා එල්ල කළ අතර ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එයට ලබා නොදීම දක්වා ඔරෝවක් පසුගිය වසරේ ඇති විය.... පසුව එය යටපත් වී ගියේය.)



ඉන් පසුව ඇති වූ ලොකුම කතාබහ වන්නේ ගූගල් සමාගමෙහි සේවකයන්ට Zoom මෘදුකාංගය භාවිතය තහනම් කිරීමයි. කෙසේ නමුත් Zoom වලට ඇති විකල්ප රාශියකි. ඒවා එතරම්ම මට සිලිටු නොමැති වුවද මෙහිලා Microsoft Team, Google meet… වැනි මෘදුකාංග තාක්ෂණික පැත්තෙන් ඉදිරියෙන් සිටී. සාමාන්‍යයෙන් මා මෘදුකාංග වල නීන්‍යානුකූල නොවන සංස්කරණ භාවිත කරන්නේ නැති වුවද මිල දී ගත් Microsoft Team මෘදුකාංගය තරමක් User-friendly බවින් අඩු යැයි හැඟේ.



මේ කලබල අස්සේ ගූගල් සමාගම Google meet මෘදුකාංගය ඉදිරි සති කිහිපයේ සිට(තවම නොමිලේ ලබා දී නැත) නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. ඒ සැප්තැම්බර් මාසය වන තෙක් වන අතර Google meet හි නොමිලේ ලැබෙන සංස්කරණය කෙසේ දැයිි අපි බලා සිටිමු.


Share:

Tuesday, April 28, 2020

මෙන්න ඔපෙරා අපිට දුන්න ආලුත්ම එක නියෝන්


වෙබ් බ්‍රව්සරයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. ඔයාලා දැන් මේ පොස්ට් එක බලන්නෙත්, internet යන්නෙත් වෙබ් බ්‍රව්සරයක් හරහා. වෙබ් අතිරික්සුව කියන්නෙත් ඒකම තමා. අපි ගොඩක් අය භාවිතා කරන්නේ Google Chrome හරි Mozilla Firefox හරි වෙබ් බ්‍රව්සර්. සමහර අය නම් Internet Explorer හරි Microsoft Edge වෙබ් බ්‍රව්සරයන් භාවිතා කරනවාත් ඇති. ඒත් Google Chrome සහ Mozilla Firefox තමයි ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය. හැබැයි අපි නොදන්නා වැඩිය භාවිතයේ නැති වෙබ් බ්‍රව්සර් ඕනා තරම් තිබෙනවා. මේ කියන්න හදන්නෙත් ඒ වගේ වෙනස් බ්‍රව්සරයක් ගැනයි.

ඔයාලා අහලා ඇති Opera කියලා වෙබ් බ්‍රව්සරයක්. මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ මොබයිල් ෆෝන් වලට. ඒකට හේතුව තමයි ඒක හදලා තියෙන්නේ අඩු මතක ධාරිතාවක් භාවිතා කරලා අඩු data ප්‍රමාණයකින් internet භාවිතා කරන්න පුළුවන් වීමයි. මෙයාලා ළගදී හැදුවා ටිකක් වෙනස් අතුරු මුහුණතක්, නැත්තන් user interface එක වෙනස් , කලාත්මක විදියේ වෙබ් බ්‍රව්සරයක්. මෙය Opera Neon කියලයි හදුන්වන්නේ.


ඔයාලා දන්නවා neon කියන්නේ දිස්නයක් දෙන ආලෝක රටාවක් කියලා. Neon කියන මූලද්‍රව්‍ය, නැත්තන් neon වායුව නිසයි ඒ ආලෝකය ඇති වෙන්නේ. අන්න ඒ වගේ ආලෝකමත්, විනිවිද පෙනෙන (Transparent) විදියේ වෙබ් බ්‍රව්සරයක් තමයි මේක. ඒ කියන්නේ මෙය open කරාම අපේ desktop එක විනිවිද පේන විදියට තමයි තියෙන්නේ. ඒ වගේම අපි නිතර යන එන වෙබ් අඩවි ටික short-cut විදියට තියාගන්නත් පුළුවන්.


මෙය ඔබට අමුතුම අත්දැකීමක් ගෙනේවි. අදම download කරගෙන බලන්න. 38MB ක් වගේ ප්‍රමාණයක් වෙන නිසා පහසුවෙන් download කරගන්නත් පුළුවන්.


Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ