" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Srilanka. Show all posts
Showing posts with label Srilanka. Show all posts

Tuesday, March 14, 2023

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය චිභාගය 2019/2020/2021/2022 - GIT EXAM


සුභ දවසක් වේවා අපේ බ්ලොග් එකට ආපු අපේ දරු දැරියන්ට !!! ඔන්න ඉතින් මේ දවස් වල අපේ උසස් පෙළ දරුවන්ට තියන ලොකුම ප්‍රශ්නය GIT Exam එකට පොඩි උදව්වක් කරන්න තමයි අද අපි මේ වැඩේ කරන්නේ. දැන් අවුරුදු 4කින් මේ විභාගය තිබ්බ නැති නිසා මේ පාර ඒ අවුරුදු 4ම දරුවන්ට එකවර ලිඛිත විභාගයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මේ විභාගය ගැන කියනවා නම් මේ විභාගය 2017 වෙනකන් ලිඛිත ආකාරයට තිබ්බ විභාගයක්. එතනින් පස්සේ 2018 අවුරුද්දේ මේක පැවැත්වුයේ Online ආකාරයට ඉතින් රටේ තිබ්බ අස්ථාවර බව නිසා එතනින් එහාට මේ විභාගය තිබ්බෙම නෑ. කෙසේ හෝ නැවතත් මේ විභාගය ලිඛිත ආකාරයට මේ එන 18 වෙනි සෙනසුරාදා තියෙන නිසා අපේ දරුවන්ට GIT විභාගයට පොඩි උදව්වක් කරන්න මේ පොස්ට් එක දාන්න හිතුවා. එහෙනම් හැමෝම අනිවාර්යෙන්ම මේ විභාගයට මුහුණ දීලා ඉහල ප්‍රතිපලයක් ගනී කියල අපි බලාපොරොත්තු වෙනවා . හැමෝටම ජය වේවා !!!  

ගුරු අත්පොත ලබා ගැනීමට - ඔබට අවශ්‍ය සියලු සටහන් මෙහි ඇතුලත්

Online නව ප්‍රශ්න පත්‍ර රටාව - මෙතනින් ගිහින් බලා ගන්න

විෂය නිර්දේශ ලබා ගැනීමට - 2009 සිට පැරණි / 2017 සිට නව (ONLINE)

GIT Exam එක Online තිබ්බ විදිය බලාගන්න - මේකට ගිහින් ඔබට ගිණුමක් සාදා උත්සහ කරන්න

මිනුවන්ගොඩ කලපයේ GIT පොත 

රත්නපුර කලාපයේ බහුවර්ණ ප්‍රශ්ණ පොත

GIT වැඩ පොතක්

GIT සම්පුර්ණ Note එකක්

GIT HTML නොට් එකක්

පසුගිය ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට පහලට යන්න ... 

විෂය නිර්දේශයට අදාල පාඩම් - 

1. පරිගණකය හඳුනා ගැනීම

ඉගෙනුම් ආධාරක - 1

2. පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම

ඉගෙනුම් ආධාරක - 1

3. මෙහෙයුම් පද්ධති

ඉගෙනුම් ආධාරක - 1

4.එදිනෙදා ජීවිතයේ කාර්යයන් සඳහා සඳහා යෙදවුම් මෘදුකාංග

ඉගෙනුම් ආධාරක - 1 2 3 4

5.බහු මාධ්‍ය භාවිතය

ඉගෙනුම් ආධාරක - 1

6.අන්තර්ජාලය

ඉගෙනුම් ආධාරක - 1

7.බහු මාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය

ඉගෙනුම් ආධාරක - 1

8.දිවි මග ජය ගැනුම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ඉගෙනුම් ආධාරක - 1

මීට අමතරව පහත සබැදි ඔබගේ අවශ්‍යතාවය මත භාවිතා කරන්න. 

ඉංග්‍රීසි - සිංහල - දෙමළ GIT ශබ්ද කෝෂය - English Sinhala Tamil GIT Glossary

පසුගිය ප්‍රශ්න පත්‍ර ලබා ගන්න -

2018 - Online

2017 - නව විෂය නිර්දේශය 

2016

2015

2014

2013

2012

2011

2010

2009 - පැරණි විෂය නිර්දේශය 

2008

2007

2006

2005

2013 -2017 දක්වා GIT උත්තර පත්‍ර

දෙමළ මාධ්‍ය සිසුන් මෙම අඩවිය භාවිතා කරන්න

මේ පිටුව බුක්මාර්ක් දාලා තියා ගන්න ඉස්සරහට තව නෝට්ස් සහ මොඩල් පේපර්ස් ටිකක් දෙන්න හිතන් ඉන්නවා. එහෙනම් අදට අපි නවතිනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. 

Share:

Sunday, December 13, 2020

ලංකාවේ පුංචි කෞතුකාගාරය - අරුම පුදුම දේවල් ගොඩාක් තියන අනිවාර්යෙන්ම ඔබ යන්නම ඕනේ - Padeniya Antiques

ලෝකේ වටේම තියෙන අරුම පුදුම දේවල් ගොඩාක් අපිට මේ තැනට ගිහින් බලාගන්න පුළුවන්.පරණ බඩු වගේම වටිනා කියන වෙනත් දේවලුත් මේ කියන තැන තියනවා. පරණ පිත්තල බඩු, පුස්කොල පොත් , බිත්ති ඔරලෝසු , අධ්‍යාපනික වටිනා පොත් සහිත පුස්තකාලයක් , සංගීත භාණ්ඩ, කැමරා වර්ග, ග්‍රැමෆෝන්, රෙදි මහන මැෂින් , පරණ ටෙලිෆෝන් , කඩු ,දුනු, ආදී තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. පාදෙණිය මහතාව හමුවීමට වීඩියෝවේ ඇති දුරකථන අංකය හා සම්බන්ධ වන්න පුළුවන් .

වීඩියෝව මෙතනින් බලන්න

Share:

Thursday, April 6, 2017

කප්පම් ඉල්ලන මෘදුකාංග – Ransomware


තොරතුරු තාක්ෂණයේ  දියුණුවත්  එක්ක ලෝකයේ  බොහෝ ක්ෂේත්‍ර පරිගණක සහ අන්තර්ජාලය තමන්ගේ වැඩ කටයුතු  සඳහා යොදාගන්න පුරුදු වුණා. අපේ වැඩ පහසු කරන මෘදුකාංග හදන මෘදුකාංග නිර්මාණකරුවන් වගේම අපරාධකරුවනුත් මේ තාක්ෂණික දියුණුව තමන්ගේ මඩිය තර කරගන්න යොදාගැනීම හරහා මෑතකදී  බිහිවුණු ප්‍රවණතාවක් ගැන තමයි අද ලිපියෙන් කතා කරන්නේ.

මෘදුකාංග කොහොමද කප්පම් ඉල්ලන්නේ?

කප්පම් ඉල්ලීම සඳහා භාවිතා කරන මෘදුකාංග විශේෂය හැඳින්වෙන්නේ ransomware කියලයි. බොහෝවිට මේවා නිර්මාණය වෙන්නේ තමන්ගේ හැකියාවන් අපරාධ සඳහා යොදාගන්න පුරුදු වුණ දක්ෂ  ක්‍රමලේඛණ ශිල්පීන් අතින්. ඔබේ පරිගණකය හෝ ස්මාර්ට් දුරකථනය තුළ  ransomware එකක් ස්ථාපනය වූ පසු එම මෘදුකාංගයට පුළුවන් ඔබේ දත්ත ඔබට පාවිච්චි කරන්න බැරි වෙන ආකාරයට ගුප්ත කේතනය (encrypt) කරන්න, නැතිනම් ඔබේ පරිගණකය හෝ දුරකථනය අගුළු දැමීම. ඊළඟට ඔබේ දත්ත නැවත විකේතනය (decrypt) කරන්න හෝ අන්ලොක් කරන්න  නම් ඔබ යම්කිසි මුදලක් අන්තර්ජාලය හරහා ගෙවිය යුතු බවට දැනුම්දීමක් මේ මෘදුකාංග මගින් සිදුවෙනවා.
Ransomware එකක් මගින් කප්පම් ඉල්ලා කෙරෙන දැනුම්දීමක් (www.cureyoursystem.com)

Ransomware වල ඉතිහාසය

Ransomware හිසරදයක් වෙන්න පටන්ගත්තේ 2005දී පමණ නමුත් ransomware වල ඉතිහාසය 80 දශකය දක්වා විහිදෙනවා. 1989 වසරේදී  AIDS Trojan නමින් හැඳින්වුණ ransomware එකක් පරිගණක වලට මුදාහැරුණත් පුද්ගලික පරිගණක ඒ වකවානුව තුළ ඉතා දුලබ වීම නිසා එය  එතරම් අවධානයට ලක් වුණේ නෑ. වසර 2005 පමණ වනවිට නැවත වතාවක් රුසියාව ආශ්‍රිතව මේ මෘදුකාංග දකින්න ලැබෙන්නේ යුක්රේනය, බෙලරුස් සහ කසකස්ථාන් වැනි රුසියාව ආසන්නයේ  රටවල් වල පිරිස් අපහසුතාවයට පත් කරමින්.
2010 පමණ වනවිට මේ ransomware අන්තර්ජාතිකව පරිගණක ආරක්ෂාව සම්බන්ධ තර්ජනයක් හැටියට හඳුනාගැනෙනවා. ගුප්ත කේතන උපක්‍රම භාවිතා කරන පළමු ransomware එක 2013 දී අන්තර්ජාලයට මුදාහැරෙනවා. කාලයත් සමග අද වනවිට ඉතා දියුණු තාක්ෂණික උපක්‍රම මගින් වඩාත් දරුණු ransomware නිපදවන්න වගේම සංවිධානාත්මක මාෆියාවක් විදියට මේ මෘදුකාංග බෙදාහැරින්නත් සයිබර් අපරාධකරුවන් පුරුදු වෙලා තියනවා. නවතම සංඛ්‍යාලේඛන වලට අනුව දිනකට ලොව පුරා පරිගණක 4000ක් පමණ ransomware වල ගොදුරු බවට පත්වෙනවා.
ransomwareවල සීඝ්‍ර වර්ධනය (source : symnatic )

Ransomware වල ප්‍රභේද 2ක් තියනවා

1- Locker Ransomware
මේ වර්ගයේ ransomware වලින්  කරන්නේ ඔබේ පරිගණකය අගුළු දමා නැවත ඔබේ පරිගණකයට පිවිසීමට අවසර ලබාදීම වෙනුවෙන් කප්පම් ඉල්ලන එක. මේ මගින් ඔබේ පරිගණකයේ දත්ත වලට බලපෑමක් නොකෙරෙන නිසා සාපේක්ෂව මේ වර්ගයේ ransomware වලින් සිදුවියහැකි හානිය අඩුයි.
2- Crypto Ransomware
මේ වර්ගයේ ransomware මගින් ඔබේ දත්ත ඔබට පාවිච්චි කරන්න බැරි ආකාරයට ගුප්ත කේතනය (encrypt) කරන නිසා මේ වර්ගයේ එකකින් ඔබේ දත්ත ආරක්ෂා කරගැනීමේ හැකියාවක් නැති තරම්.
ransomware වර්ග (www.symantec.com)

ගුප්ත කේතනය (Encryption) සහ Ransomware

ගුප්ත කේතනය කියන්නේ පරිගණක වල ආරක්ෂාව වැඩි කිරීම සඳහා පාවිච්චි කෙරෙන  තාක්ෂණයක්. අපි පරිගණක ජාලයක් හරහා යවන පණිවුඩ, නැතිනම් පරිගණකයක ගබඩා කරන තොරතුරු වෙනත් කෙනෙකුට කියවන්න බැරි වෙන විදියේ රහස් සංකේත බවට පත්කිරීම තමයි ගුප්ත කේතනය හරහා සිදුවෙන්නේ. මේ විදියට කේතනය කළ තොරතුරු විකේතනය කරන්න නම් ඒ සඳහා සැකසු ඩිජිටල් යතුරක් (digital key) අවශ්‍යයි. ගුප්ත කේතනය කළ තොරතුරු නැවත විකේතනය කරන්න හැකියාව තියෙන්නේ අදාළ යතුර තියන කෙනෙකුට පමණයි.
Crypto Ransomware මගින් කරන්නේ පරිගණකයේ දත්ත ගුප්ත කේතනය කර එම දත්ත විකේතනය කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල් යතුර ලබාදීම වෙනුවෙන් කප්පම් ඉල්ලීමයි. නවීන ගුප්ත කේතන ක්‍රම වලින් කේතනය කරන යතුරක් නැතිව විකේතනය කිරීම කළ නොහැක්කක් හැටියට තමයි සැලකෙන්නේ. උදාහරණක් හැටියට දැනට වෙබ් අඩවි සඳහා පාවිච්චි වෙන AES-128 නමැති ගුප්ත කේතන ක්‍රමය මගින් කේතනය කළ දත්ත යතුරක් නැතිව විකේතනය (bruteforce) කරන්න සුපිරි පරිගණකයකටත් (supercomputer) වසර බිලියන 13ක් පමණ ගතවන බව කියවෙනවා. ඒ නිසා Crypto Ransomware එකක ගොදුරක් වෙන කෙනෙකුට තමන්ගේ දත්ත අහිමි වෙන්න තියන ඉඩකඩ ඉතා ඉහළයි.

Ransomware පැතිරෙන්නේ කොහොමද?

ප්‍රධාන වශයෙන් මේවා පැතිරෙන්නේ ඊමේල් සමඟ එන ඇමුණුම් (attachments) හෝ ලින්ක් හරහා යි. ඔබට නාඳුනන කෙනෙකුගෙන් එන ඊමේල් එකක් සමග තියන ගොනුවක් ඔබ විවෘත කිරීමේදී ඔබේ පරිගණකයට ransomware ඇතුළු වෙන්න ඉඩ තියනවා. ඒ වගේම ඔබ සැරිසරන වෙබ් අඩවි වලත් ransomware තියෙන්න පුළුවන්. ඒ නිසා  ඔබ නිතර පාවිච්චි නොකරන වෙබ් අඩවි වලින් ඩවුන්ලෝඩ් කරන දේවල් ගැන සැලකිලිමත් ඉතා වැදගත්.

ජංගම දුරකථන සඳහා ransomware

වසර 2014 දී ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා පළමු ransomware එක වාර්තා වීමත්  පරිගණක වලට සීමා නොවී ජංගම දුරකථන වලටත් පැතිරෙන්න ransomware සමත් වෙලා තියනවා. දුරකථන සඳහා වන ransomware බොහොමයක් තියෙන්නේ නිල නොවන app store වල. ඒ වගේම සමහර ransomware ප්‍රති වයිරස මෘදුකාංග විදියට වෙස් මාරු කරගෙන ඉන්න අවස්ථාත් පසුගිය දෙවසර තුල වාර්තා වෙලා තියනවා.
ජංගම දුරකථන වලට එන කප්පම් ඉල්ලීම් (www.welivesecurity.com)

Ransomware වල බලපෑම

Ransomware වලින් වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි තමන්ගේ දත්ත අහිමි වීම. ඔබ වසර ගණනක් තිස්සේ එකතු කරගත් ඡායාරුප, නැතිනම් තමන්ගේ රැකියාවට අදාළ තොරතුරු ගොනු වගේ දේවල් ransomware නිසා ඔබට නැතිවෙන්න පුළුවන්. තනි පුද්ගලයෙකුට නම් සමහරවිට මෙහෙම දෙයක් දරාගන්න පුළුවන් නමුත් ආයතනයක කටයුතු වලට යොදාගන්නා පරිගණකයකට  මේ ඇබැද්දිය සිද්ධ වුනොත් ආයතනයට  විශාල පාඩුවක් වගේම අදාළ සේවකයාගේ කීර්තිනාමයටත් හානි සිදුවෙන්න පුළුවන්. මේ වගේ  සිදුවීම් කිහිපයක් පසුගිය වසරේ අපේ රටෙනුත් වාර්තා වෙලා තියනවා.
ඊළඟ කාරණය තමයි ransomware එක මගින් ඔබේ දත්ත සොරාගෙන තියෙන්න ඇති හැකියාව. ඔබේ පරිගණකයේ ඔබට හොරෙන් වැඩ කරන මෘදුකාංගයකට ඔබේ තොරතුරු ගොනු, ඔබ ටයිප් කරන පාස්වර්ඩ් වැනි දේවල් සොරාගෙන වෙනත් කෙනෙකුට යවන්නත්  පුළුවන්.

Ransomware එකකට අහුවුණොත් මොකද කරන්නේ?

1- හැකි ඉක්මණින් පරිගණක ජාල වලින් ඉවත් වෙන්න

ඔබේ පරිගණකය දැනටමත් ransomware එකකට අහුවෙලා නම්, ඔබේ පරිගණක ජාලයේ වෙනත් පරිගණකයකට ransomware එක ඇතුලත් කරන්න එයට හැකියාව තියෙන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මනින් අන්තර්ජාලය, WiFi, LAN හෝ වෙනත් ජාලගත සබඳතා වහාම නවත්වන්න.

2- පොලිසියට කියන්න

මේකෙන් ඔබේ දත්ත නැවත ලබාගන්න තියන හැකියාව අඩු ඉතා නමුත් ඔබේ පරිගණකයේ ආයතනික දත්ත වගේ දේවල් තියන අවස්ථාවකදී පොලිස් තොරතුරු තාක්ෂණ අංශයට දැනුම්දීම ඉදිරි කටයුතු වලට පහසුවක් වේවි. ඒ වගේම ආසාදනයට ලක්වුණු පරිගණකය ඔබේ සේවා ස්ථානයේ එකක් නම වහාම ඔබේ සේවා ස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයට දැනුම් දෙන්න.

3- Ransomware එක අයින් කරගන්න බලන්න

ඔබේ පරිගණකයට අරක්ගත්ත ransomware එක ගුප්ත කේතන පාවිච්චි නොකරන එකක් නම් ඔබේ දත්ත ටික බේරගන්න හැකියාව තියෙන්න පුළුවන්. ඒ සඳහා පළමුවෙන් ඔබට ransomware එකේ නම හොයාගන්න පුළුවන් නම් වෙනත් පරිගණකයකින් අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයලා බලන්න. ඒ ransomware එකට අදාළ විකේතන මෘදුකාංගයක් තියෙන්න පුළුවන්. එහෙම හොයාගන්න නැතිනම් ඔබේ මෙහෙයුම් පද්ධතියේ තියන Safe Mode වැනි පහසුකමක් මගින් හෝ මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරීම මගින් ransomware එක ඉවත් කරන්න උත්සාහ කරන්න.

4- Backup එකක් restore කරන්න

ඔබ කලින් ගත්තු backup එකක් ඔබ සතුව තියනවනම් ඒක නැවත ස්ථාපනය කරගන්න. ලඟදි කරපු වැඩ ටික ඔබට අහිමි වුණත් වෙලාවේ හැටියට හොඳම විසඳුම තමයි මේක.

5- ගෙවන්න පෙර  සිතා බලන්න

කරන්න වෙන දෙයක් නැතිම වෙලාවක ඉතුරු වෙන එකම විසඳුම තමයි කප්පම ගෙවන එක. නමුත් මේක එතරම් නුවණට හුරු වැඩක් නෙවෙයි. එහෙම කියන්න හේතු කිහිපයක් තියනවා. කප්පම් ගෙවූ පසුවත් ඔවුන් ඔබේ දත්ත නිදහස් නොකරන්න ඉඩ තියනවා. ඒ වගේම ඔබේ දත්ත ලැබුණු පසුවත් ransomware එක ඔබේ පරිගණකයේ ඉතිරි වෙලා තියනවානම් ඔබ තවමත් අනතුරින් ගැලවී නැහැ. තවත් කාරණයක් තමයි ඔබ කප්පම් ගෙවීමෙන් සිදුවෙන්නේ කප්පම්කරුවන් දිරිමත් කිරීමක්. ඒ නිසා කප්පම් නොගෙවා සිටීමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම ඉතා වැදගත්.

Ransomware වලින් බේරෙන්නේ කොහොමද?

ප්‍රති-වයිරස මෘදුකාංග වලට ransomware හඳුනාගන්න තියන හැකියාව තරමක් අඩු නිසා ඒ  පිළිබඳව අපි සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. පරිගණක සම්බන්ධ මේ වගේ පුරුදු ටිකක් ඔබේ ජීවිතයට එකතු කරගැනීම ransomware වගේම තවත් බොහෝ අවදානම් තත්ත්ව වලින් ගැලවීමට උදව් වේවි.
  1. පරිගණකය / දුරකථනය නිතර backup කරන්න.
  2. වටිනා ඡායාරූප, ලිපිගොනු ආදිය Google Drive හෝ DropBox වැනි සේවාවක් තුළ තබන්න.
  3. මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කරන්න.
  4. ප්‍රති-වයිරස මෘදුකාංගයක් පාවිච්චි කරන්න.
  5. ඔබ ඩවුන්ලෝඩ් කරන ගොනු අදාළ ප්‍රවර්ගයේමද (file type) යන්න විවෘත කිරීමට පෙර පරීක්ෂා කරන්න. උදාහරණයක් හැටියට ගීතයක mp3 ගොනුවක් වෙනුවට exe හෝ apk ගොනුවක් ඩවුන්ලෝඩ් වුණොත් නිසැකවම එය හානිකර හෝ ඔබට අනවශ්‍ය ගොනුවක්.
  6. නොදන්නා වෙබ් අඩවි වලින් ජංගම දුරකථන යෙදුම් (mobile apps) ඩවුන්ලෝඩ් කිරීමෙන් වළකින්න.
  7. Spam හෝ සැක සහිත ඊමේල් පණිවුඩවල අඩංගු ලින්ක් ක්ලික් කිරීමෙන් වලකින්න.
  8. Ad-blocker මෘදුකාංගයක් පාවිච්චි කරන්න.
අවසාන වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැලෙන අයට පමණක් සීමා නොවී පරිගණකයක් හෝ ස්මාර්ට් උපකරණයක් පාවිච්චි කරන සහ අන්තර්ජාලය භාවිතා කරන සියළු දෙනාම පරිගණක ආරක්ෂාව ගැන යම් දැනුමක් ලබා සිටීම තමන්ගේ ආරක්ෂාවටත්, පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමටත් විශාල පිටුවහලක් වෙයි. ඒ නිසා මේ දේවල් ඔබේ යහළුවන් එක්කත් බෙදාහදා ගන්නත් අමතක කරන්න එපා.
මුලාශ්‍ර: Heimdal Security, ESET Security, Business Insider
කවරයේ පින්තූරය: stinntech.com
Sources:- roar.tech
Share:

Tuesday, July 28, 2015

ලංකාවටම අඩු මිලට INTERNET දෙන්න ගූගල් එකෙන් PROJECT LOON


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ලංකාවේ අපිට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන. මේ කියන්නේ ගූගල් ලුම්ස් ...

ගූගල් ලූන් (Google Loon) GOOGLE හි Project Loon නමින් හැදින්වෙන බැලුන් ආධාරයෙන් ලෝකයටම අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් අතර අද (28) උදෑසන අරලියගහ මන්දිරයේදී ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය වන අතර ඒ අනුව උදෑසන අග්‍රාමාත්‍යවරයා හා ගූගල් සමාගමේ මයික් කැසිඩි අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම අවස්ථාවට රවී කරුණානායක හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න යන පිරිස්ද එක්ව තිබුණි.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙන අතර ඒ අනුව අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම 3G අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හැකිවනු ඇත. මෙම ඉහලට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ.

විශේෂයෙන් නිමවන ලද බැලුනයක් ගුවන් යානා ගමන් කරන සීමාවට ඉහළින් වායු ගෝලයේ රඳවනු ලබනවා. ඒ පොළොවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 20ක පමණ උසින් සුළගේ ස්ථර සමග බැලුනය ස්ථානගත කරන අතර එය නිවැරදි දිශාවට යොමු කරන්නේ විශේෂ මෘදුකාංගයකින්.



අන්තර් ජාල සබදතාවය
වායුගෝලයේ ස්ථානගත කළ බැලුනය අදාළ ප්‍රදේශයේ ඇති අන්තර්ජාලය සපයන ආයතන සමග සම්බන්ධවනවා.

එම ආයතනවල උපකරණ මගින් ලබාගන්නා LTE සංඥා (wireless communications technology) යළි පොළවේ ග්‍රාහකයින්ට ලබා දෙන්නේ මෙම බැලුන හරහායි.


Google Loon සම්බන්ධ සියළු විස්තර මෙතැනින් දැනගන්න


Google Loon සම්බන්ධ වීඩියෝව

Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ