" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, February 14, 2012

BLOCK කරපු වෙබ් සයිට් වලට හොරෙන් යන්න ක්‍රම 2 ක් 1



හයී.... ඉතින් ඔයාලට කොහොමද? ඔන්න යාලුවනේ Valentine සීන් එකත් ඉවර උනා. අපි නම් ඉතින් පාඩුවේ හිටියා අපිට මොන Valentine ද? හරි හරි ඔන්න මම අයෙමත් අවේ ඔයාලට ගොඩාක් වටින පොස්ට් එකක් අරගෙන. මේ ගැන දන්න යාලුවොත් ඉන්න පුලුවන් ඒත් මම ඔයාලට කියන්නම්. ඒකට හේතුව මගේ යාලුවෝ ගොඩාක් දෙනෙක් මේ ගැන විස්තර මගෙන් ඇහුවා ඒක නිසා තමයි මම මේ ගැන මගේ බ්ලොග් එකෙත් දාන්න හිතුවේ. හරි මම කියන්නම්කෝ මේ මොකක්ද කියලා..

How to Unblock Blocked Websites..


හ්ම්ම් මොකද කියන්නේ, ඔව් අද මම කියන්න යන්නේ මේ ගැන තමයි. ඒ කියන්නේ අපිට යන්න බැරි වෙන්න බ්ලොක් කරලා තියන සියිට් වලට යන්න පුලුවන් ක්‍රම. අද මම ඔයාලට එක ක්‍රමයක් නෙවේ ක්‍රම තුනක්ම කියලා යන්න තමයි හිතන් ඉන්නේ. එහෙනම් වැඩේ ඉස්සරහට කරන් යමුකෝ ආ..

හරි මම මුලිනම කියන්නම් මේ Block කරනවා කියන්නේ මොකක්ද කියලා. හරි යාලුවනේ සමහර රටවල්, රජයන් ඒ රටට ගැලපෙන්නේ නැති එහෙමත් නැත්තම් එයාලගේ ප්‍රතිපත්ති වලට යටත් නැති වෙබ් සයිට් ඒ රටේදි යන්න බැරි වෙන්න Block කරනවා. ඒ විතරක් නෙවේ සමහර පාසල්, ආයතන, පන්ති යන ස්තාන වලත් ඔය විදියට සමහර Web Sites Block කරලා තමයි තියෙන්නේ උදාහරනයක් කීවොත් FACEBOOK.

ඉතින් ඔයාලා දන්නවානේ පහුගිය අවුරුදු දෙක තුනේදි ලංකාවේත් මේ විදියට ගොඩාක් වෙබ් අඩවි තහනම් උනා. අපිට ඒවා වැඩක් නෑ අද මම කියන්නම් ඔයාලට මේවගේ Block කරලා තියන Web Sites වලට එම Block කරලා තියන තැනදීම යන විදිය. ඒ කියන්නේ Block, Unblock කරන්නේ කොහොමද කියන එක. හරිනේ. ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රම තුනක් තියනවා. ඔයාලට ගැලපෙන ක්‍රමය ස්තානයේ හැටියට පාවිච්චි කරන්න. ඒ උනාට කමක් නෑ. මේ ක්‍රම තුන ගැනම ඉගෙන ගන්න. ඒක කෝකටත් හොඳයි නේ. ඉදිරියටත් නේද?

1. ක්‍රමය.
ප්‍රොක්සියක් භාවිතා කිරීම. Use a Proxy Server

ඔව් මේක ගොඩාක් හොඳ ක්‍රමයක්. මේක අවිල්ලා වෙබ් සයිට් එකක්. මේ වගේ ගොඩාක් සයිට් තියනවා නෙට් එකේ ඔයාලට ඕනෙ නම් ගූගල් එකේ Proxy Server කියලා Search පාරක් දාලා බලන්නකෝ. ඒත් මම අද ඔයාලට මම පාවිච්චි කරන Trusted Proxy Server එක දෙන්නම්. මේකේ තව ගොඩාක් වැඩ තියන්වා ඒ සයිට් එකට ගිහින්ම බලන්නකෝ. හොර වැඩ තමයි සේරම. හොර Email, හොර Links, හොර Comments අදී ගොඩාක් දේවල් මේ සයිට් එකෙන් කරන්න පුලුවන්.

හැබයි මේ Proxy වල තියන පාඩුව තමයි සමහර Networks වල මේ ගොඩාක් Proxy Block කරලා තමයි තියෙන්නේ. උදාහරනයක් විදියට කිව්වොත් අපේ ලංකාවේ පාසල් වල ක්‍රියත්මක වෙන School Net. ඒකට කමක් නෑ ඔයාලාට මම මේ දෙන Proxy එක වැඩ නැත්තම් එහෙමත් නැත්නම් බ්ලොක් කරලා නම්. අපේ දෙවැනි ක්‍රමේට යන්නකෝ.



හරි යාලුවනේ දැන් මම මේ පොස්ට් එක මෙතනින් නවත්තනවා ඔයාලට නැත්තම් එපා වෙයි දිගට දිගේ කියවන්න. ඉතුරු ක්‍රම දෙකම මම හෙට වෙන පොස්ට් එකකින් ඔයාලට දෙන්නම්කෝ. හෙට කීවට් දැන් 12 පහු වෙලානේ ඒ කියන්නේ අදම දෙන්නම්. එහෙනම් මම කැපුනා. කට්ටිය අයෙමත් සෙට් වෙමු AllSriLankans පැත්තේ මෙකේ ඉතුරු ටික කියවන්න ආ....

මේකේ දෙවැනි කොටසට යෑමට මෙතනින් යන්න.




Share:

4 comments:

  1. මේකනම් පට්ට...එළට වැඩ...

    ReplyDelete
  2. 1 වෙනි ක්‍රමය නම් පරණයි නේ.software 1ක් නැතුව යන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
  3. යාලුවා මේක Software එකක් නෙවෙනේ මේක ඔන්ලයින් Proxy එකක්. මොනවා උනත් දැම කොමෙන්න්ටුවට බොහෝම ස්තූතියි.. මෙන්න අලුත්ම ක්‍රමයට යන පාර.

    BLOCK කරපු වෙබ් සයිට් වලට හොරෙන් යන්න ක්‍රම 3 ක් 2
    http://allsrilankans.blogspot.com/2012/02/block-3-2.html

    ReplyDelete
  4. යාලුවා වැඩේට ස්තූතියි, අපේ office එකේ network admin විදියට, ඔන්න මං proxy site ටිකත් block කලා. මග පෙන්නුවාට ස්තුතියි.

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ