" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, January 14, 2015

Software නැතුව Folder හන්ගමුද JPG එකක "හොර වැඩ"


මුලින්ම කියන්නම් මේක වෙනත් බ්ලොග් එකකින් කොපි කරපු පොස්ට් එකක් මගේ බ්ලොග් එකේ යාලුවන්ටත් බලන්න මන් මේක ඒ විදියටම ඔයාලට දෙන්නම්. ඔරිජිනල් ලින්ක් එක පහල ලබා දී ඇත.

කොහොමද යාළුවනේ. මම අද කියල දෙන්ඩ යන දේ හැමෝටම වැදගත් වෙනවා. ඒකනම් මට හොඳටම විශ්වාසයි.. මොකද ඉතින් හැමෝටම පෞද්ගලිකත්වයක් කියල එකකුත් තියනවනේ නේද? ඇත්තටම පෞද්ගලික දේවල් හන්ගන්න ඕන තරම් ක්‍රම තියෙදිත් මේක මොකටද කියල ඔයාල බලයි.. ඒත් මට වුනු දේ අහුවම ඔයලටම තේරෙයි මේකෙ වටිනාකම. මම මුලින්ම මට වුනු සිද්දිය කියන්නම්කෝ.. මම ගියා මගේ යලුවෙක්ගෙ ගෙදර. එකා මං ගියපු ගමන්ම මට මෙහෙම කීවනේ. "අඩේ බන් අපේ අයියා මගේ files චෙක් කරනව බන් මට මේ folder එක හන්ගන්ගල දියන්කෝ" කියලා.. මට කරගන්ඩ දෙයක් නැති වුනා. මොකද ඉතින් මන් කොහෙන් software හොයන්ඩද folders හන්ගන්ඩ... නෝන්ඩි නොවී වැඩේ කරල දෙන්ඩත් ඕනිනේ.. මම ඉතින් බලමුකෝ කියල computer එක on කලා.. මගේ වෙලාවටම ඒකෙ 7zip application එක install කරල තිබ්බ. ඔයාල බලයි ඒකෙන් කොහොමද files හන්ගන්නෙ කියලා. මම එක ගත්තේ files හන්ගන්න නෙමේ folder එක compressed කරගන්ඩ. දැන් ඉතින් වැඩේ කරන විදිහ බලමුකෝ. මම එක කරපු විදිහටම ඔයාලටත් කියල දෙන්නම්. මොකද කොයි වෙලේ ඔයාට files හන්ගන්න ඕනි වෙයිද දන්නෙ නැනේ... හදිස්සියකට ප්‍රයෝජනයට ගන්න පුළුවන් හොද ක්‍රමයක් මේක. 

මම 7zip පාවිච්චි කරල folder එක compress කලා කියල ඔයලත් 7zip එකම හොයා ගන්න ඕනේ නෑ. ඔයගෙ අවස්තාවේ හැටියට computer එකේ තියන software එකකින් compress කරගන්න පුළුවන් ඔයාලට (ඒත් folder එක open කරගන්න නම් 7zip, winrar ,winzip වගේ එකක් තියන එක තමා හොද)


දැන් folder එක compress කරගන්නකෝ කැමති format එකකින්. password එකක් දානවනම් දාන්න. ඒක තවත් හොදයි folder එකේ ආරක්ෂාවට.

compressed කරපු file එකට කෙටි නමක් දාන්න. මම දානව folder කියලා.

මම compress කරල තියෙන්නේ 7zip කියන format එකෙන්. ඒ හින්ද මගේ එකේ නම folder.7z කියලයි තියෙන්නේ. ඔයගෙ එකත් ඔයගෙ විදිහට හදා ගන්න..
දැන් ඔයා ඒ compressed file එක folder එකකට දා ගන්න. මම ඒක මගේ computer එකෙ E:/ drive එකේ Hide නමින් folder එකක් හදල එකට දානවා...

දැන් ඔයා කැමති පින්තුරයක් අරගෙන ඒ folder එකට copy කරගන්න.හොදට මතක තියා ගන්න ඔයා ගන්න පින්තූරේ නමත් කෙටි වෙන්න ඕනේ. ඒ වගේම photo එකේ format එක ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න ඔනේ. මම මේකට ගන්න පින්තූරේ JPEG format එකේ එකක්.ඒ නිසා මගේ photo එකේ නම තියෙන්නේ photo.jpg කියලා. මම ඒකත් Hide කියන folder එකටම දා ගත්තා..

දැන් ඔක්කොම හරිනේ. මගේ folder එක මෙහෙමයි තියෙන්නෙ දැන්..


දැන් තියෙන්නේ file හන්ගන්නනේ. එකට command prompt එක open කරගන්න. 
(keyboard එකේ win + R ඔබපුවම RUN එක on වෙනවනේ. ඒකේ cmd කියල type කරල enter එබුවහම command prompt එක open වෙයි)

දැන් ඒකේ path එක ඔයා files දාපු folder එකට හදන්ඩ..

මම ඔය පල්ලෙහා තියන විදිහට type කරල path එක හදා ගත්තේ...

type E: and press Enter (E කියන Drive එකට යන්න)
type cd Hide and press Enter (Hide කියන Folder එකට යන්න)


දැන් මේ code එක type කරල enter කරන්න.(ඔයාගෙ විදිහට code එක වෙනස් කරගන්න හොදේ...)

copy/b photo.jpg+folder.7z final.jpg

වැඩේ හරි. දැන් ඉතින් Hide කියන folder එක ඇතුලේ final.jpg කියලා අලුත් photo එකක් හැදිල ඇති...

ඒක ඇතුලේ ඔයාගෙ files පරිස්සමට තියනවා.(දැන් පරණ file මකල දාන්න. ඒව දැන් ඔනේ නෑ.)

දැන් බලමුකෝ කොහොමද හන්ගපුව බලන්නෙ කියලා.

මුලින්ම 7zip software එක open කරගන්න.

ඒකෙන් ඔයගේ අලුත් photo එක තියන තැනට ගිහිල්ලා photo එක right click කරලා open inside කියන එක ගහන්ඩකෝ..


දැන් open වෙයි හන්ගපුව අපූරුවට....

හරි එහෙනම් මෙන්න මෙතනින් තමයි මන් මේ පොස්ට් එක ගත්තේ .,.,.
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ