" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, July 30, 2015

4D Film එකක් බලන්න කැමතිද? (4D Film Technology)


ලංකාවට මීට අවුරුදු කිහිපයකට කලින් 3D තාක්ෂනය ලංකාවේ ජනප්‍රිය වුනත්, දැනට ලෝකයේ ජනප්‍රිය 4D තාක්ෂනය ගැන ගොඩක් අය දන්නේ නෑ. සමහරවිට මේ ලිපිය බලන පිටරට හෝ ලංකාවේ අය 4D film අත්දැකීම අරගෙන ඇති කියලා හිතනවා. 

මොනවද මේ 4D film?

අපි දන්නවා 3D film වලනම් දෙන්නේ  x, y, z අක්ෂ 3 ම උපයෝගී කරගෙන කරගෙන පෙන්වන දසුනක්. මෙහිදී ඊට අමතරව තවත් දේවල් එකතු කරලා තියනවා.

Advanced motion seats - සෙලවෙන ආසන
Vibration systems – Vibration සහිත ආසන
Water spray - වතුර ස්ප්‍රේ
Temperature variation (Cold & Hot) - උෂ්ණත්ව වෙනස්කම්

මීට අමතරව තවත් දේවල් එකතු කරපු ඒවත් තියනවා. එහෙම එක එක අංග එකතු වෙනකොට ඒවාට 5D, 6D, 7D වගේ නම් වලින් හදුන්වනවා.


මේ Film වල ඒ film 1 තියන ජවනිකාව අනුව මේ දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ අවස්ථාවේ අපි එතන ඉන්නවා වගේ හැගීමක් අපිට එනවා. (හැබැයි ඉතින් වැස්සක වගේ seen එකක් ගියොත් නාන්න තමයි වෙන්නේ අපිටත්)

උඩ දාලා තියන වර්ග 4 න් වෙන වෙනම කෙරෙන දේවල් කියන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මං හිතනවා. මේවත් එක්ක 3D sound එකත් එකතු වුනාම වැඩේ පට්ටම ගති.

මුල්ම 4D film එකක අත්දැකීම ආවේ 1984 වර්ෂයේ. (හිතාගන්නත් බෑ නේද?)

නමුත් 2009 out වුන ඇවටර් (Avatar) Film එක ගොඩක් රටවල 4D තාක්ෂනය නිසා ජනප්‍රිය වුනා. මම හිතනවා ඔයාලා මේකේ 2D film 1 වත් බලන්න ඇති කියලා. පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙ උඩින් යනකොට, ගස් උඩින යනකොට Film එක බලන කෙනාට කොච්චර Fantastic විදියට ඒක දැනෙන්න ඇති නේද කියලා.


අපිට ලංකාවේ 4D Films බලන්න පුළුවන් කොහේද?
මම දන්නේනම් Colombo10-  Excel world එකේ තමයි. එහෙදි ඔයාට මේ අත්දැකීම ගන්න පුළුවන්.  තව ඔයාලා දන්න තැන් තියනවනම් Comment එකක් විදියට දාන්න අපිටත් දැනගන්න...

Share:

1 comment:

  1. පාර්ලිමේන්තුවෙ සමහර දවස්වල රෑට මන්තිරියෝ සහ මන්ත්රිනියෝ සභාවේ ලගිනවා. එදා රෑට 10 D පිචර් සජීවීව පෙන්නනවා.

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ