" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, May 1, 2020

Google Meet නොමිලේ දෙන්න යයි


Zoom මේ දින වල ඉතා ජනප්‍රිය වීඩියෝ සංවාද මෘදුකාංගයකි. මෙහි නොමිලේ ලබා ගත හැකි සංස්කරනයෙහි එකවර 100 දෙනෙකුට මිනිත්තු 30 ක කාලයක්(තවත් මිනිත්තු 10 ක් ද ඉන්පසුව අතිරේකව ලබා ගත හැකිය) වීඩියෝ සංවාද වල යෙදිය හැකිය. භාවිතය පහසුවීම මෙන්ම විවිධ උපාංග වලට සහය සැපයීම(ඩෙස්ක්ටොප් පරිගණක වල සිට ජංගම දුරකථන දක්වා) නිසා බොහෝ ජනප්‍රිය වී තිබේ. කෙසේනමුත් ආක්ෂාව ගැන Zoom හි ගැටලු ඇති බව බොහෝ පරිගණක විද්‍යා‍ඥයන්ගේ අදහසයි. අනෙක් අතට Zoom යනු චීන සමාගමක් කිහිපයක් මෙන්ම හොංකොන් හි සමාගම් එක්ව පහිටුවා ගත් සර්වර් හරහා ක්‍රියාත්මක වන්නකි. චීනයේ හැසිරීම ගැන බොහෝ රටවල සතුටක් නොමැත. චීන උපකරණ වෙනත් රටවල ඔත්තු බලන බව බටහිර රටවල චෝදනාවයි(උදා- හුවාවි වෙත බොහෝ බටහිර රටවල් චෝදනා එල්ල කළ අතර ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එයට ලබා නොදීම දක්වා ඔරෝවක් පසුගිය වසරේ ඇති විය.... පසුව එය යටපත් වී ගියේය.)



ඉන් පසුව ඇති වූ ලොකුම කතාබහ වන්නේ ගූගල් සමාගමෙහි සේවකයන්ට Zoom මෘදුකාංගය භාවිතය තහනම් කිරීමයි. කෙසේ නමුත් Zoom වලට ඇති විකල්ප රාශියකි. ඒවා එතරම්ම මට සිලිටු නොමැති වුවද මෙහිලා Microsoft Team, Google meet… වැනි මෘදුකාංග තාක්ෂණික පැත්තෙන් ඉදිරියෙන් සිටී. සාමාන්‍යයෙන් මා මෘදුකාංග වල නීන්‍යානුකූල නොවන සංස්කරණ භාවිත කරන්නේ නැති වුවද මිල දී ගත් Microsoft Team මෘදුකාංගය තරමක් User-friendly බවින් අඩු යැයි හැඟේ.



මේ කලබල අස්සේ ගූගල් සමාගම Google meet මෘදුකාංගය ඉදිරි සති කිහිපයේ සිට(තවම නොමිලේ ලබා දී නැත) නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. ඒ සැප්තැම්බර් මාසය වන තෙක් වන අතර Google meet හි නොමිලේ ලැබෙන සංස්කරණය කෙසේ දැයිි අපි බලා සිටිමු.


Share:

Tuesday, April 28, 2020

මෙන්න ඔපෙරා අපිට දුන්න ආලුත්ම එක නියෝන්


වෙබ් බ්‍රව්සරයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. ඔයාලා දැන් මේ පොස්ට් එක බලන්නෙත්, internet යන්නෙත් වෙබ් බ්‍රව්සරයක් හරහා. වෙබ් අතිරික්සුව කියන්නෙත් ඒකම තමා. අපි ගොඩක් අය භාවිතා කරන්නේ Google Chrome හරි Mozilla Firefox හරි වෙබ් බ්‍රව්සර්. සමහර අය නම් Internet Explorer හරි Microsoft Edge වෙබ් බ්‍රව්සරයන් භාවිතා කරනවාත් ඇති. ඒත් Google Chrome සහ Mozilla Firefox තමයි ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය. හැබැයි අපි නොදන්නා වැඩිය භාවිතයේ නැති වෙබ් බ්‍රව්සර් ඕනා තරම් තිබෙනවා. මේ කියන්න හදන්නෙත් ඒ වගේ වෙනස් බ්‍රව්සරයක් ගැනයි.

ඔයාලා අහලා ඇති Opera කියලා වෙබ් බ්‍රව්සරයක්. මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ මොබයිල් ෆෝන් වලට. ඒකට හේතුව තමයි ඒක හදලා තියෙන්නේ අඩු මතක ධාරිතාවක් භාවිතා කරලා අඩු data ප්‍රමාණයකින් internet භාවිතා කරන්න පුළුවන් වීමයි. මෙයාලා ළගදී හැදුවා ටිකක් වෙනස් අතුරු මුහුණතක්, නැත්තන් user interface එක වෙනස් , කලාත්මක විදියේ වෙබ් බ්‍රව්සරයක්. මෙය Opera Neon කියලයි හදුන්වන්නේ.


ඔයාලා දන්නවා neon කියන්නේ දිස්නයක් දෙන ආලෝක රටාවක් කියලා. Neon කියන මූලද්‍රව්‍ය, නැත්තන් neon වායුව නිසයි ඒ ආලෝකය ඇති වෙන්නේ. අන්න ඒ වගේ ආලෝකමත්, විනිවිද පෙනෙන (Transparent) විදියේ වෙබ් බ්‍රව්සරයක් තමයි මේක. ඒ කියන්නේ මෙය open කරාම අපේ desktop එක විනිවිද පේන විදියට තමයි තියෙන්නේ. ඒ වගේම අපි නිතර යන එන වෙබ් අඩවි ටික short-cut විදියට තියාගන්නත් පුළුවන්.


මෙය ඔබට අමුතුම අත්දැකීමක් ගෙනේවි. අදම download කරගෙන බලන්න. 38MB ක් වගේ ප්‍රමාණයක් වෙන නිසා පහසුවෙන් download කරගන්නත් පුළුවන්.


Share:

Wednesday, July 5, 2017

MyPublicWiFi | ඔයාගේ Computer එක ලේසියෙන්ම WiFi Hotspot එකක් කරමු.


Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi Card, Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි.

Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්.




Share:

Sunday, June 25, 2017

සෝනි සමාගම නිර්මාණයකල සිවිකාච (Contact Lens) වීඩියෝ කැමරාව


සෝනි සමාගම මෑතකදී ගොනුකල පේටන්ට් බලපත්‍ර ඉල්ලුමකට අනුව ඔවුන් සිවිකාචයක වීඩියෝ කැමරාවක් නිර්මාණය කිරීමට සමත්වී ඇත. 

එපමණක් නොව එම කැමරාවට පටිගත කල වීඩියෝ ගබඩාකරගෙන නැවතත් සිවිකාචය මතම ප්‍රතිවාදනය කල හැකිය.

පටිගත කිරීම ඇරඹීම, නැවැත්වීම, ප්‍රතිවාදනය හා රෙකෝඩරය නිවාදැමීම ඇසිපිය ගැසීමෙන් සිදුකල හැකිය. සාමාන්‍ය ඇසිපිය ගැසීම හා ඇසිපිය විධානයන් වෙන්කොට හඳුනාගැනීමට කැමරාව සමත්ය. 

එමෙන්ම ඇසිපිය ගැසීම නිසා වීඩියෝවේ ඇතිවන හිස්තැන් පුරවා දැමීමට මෙන්ම හිස ඇලකොට යමක් දෙස බලනවිට ඇලට පටිගතවන වීඩියෝව කෙලින් ප්‍රතිවාදනය කිරීමටද මෙය සමත් බව පේටන්ට් අයදුම් පතේ සඳහන්වේ.

එහෙනම් අදට අපි යනවා ආයෙමත් අලුත් හොට් නිව්ස් එකක් අරන් ඉකමනටම එන්නම් කට්ටියටම ජය ...


Share:

දරුවා පාසලට ඇතුලත් කරගැනීමට අවශ්‍යවන ලිය කියවිලි ගැන ඔබ දැනුවත් ද?


දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න දරුවෙක් හදනවටත් වඩා අමාරුයි. අද කාලෙ හුඟක් දෙමව්පියන් මෙහෙම කියන්නෙ ඇයි?  දරු‍වන් ඇතුළත් කරගැනීමේදී වැදගත් වන ලියකියවිලි අඩුපාඩු නැතිව ඔබ ළඟ තිබුණොත් ඔබ හිතන තරම් මේ වැඩේ අමාරු නැහැ.
දරුවා ඉස්කෝලෙට ඇතුළත් කරන අවුරුද්දෙ ජනවාරි 31 වැනිද වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙලා තියෙනවද?  මේක තහවුරු කරන්න දරුවගේ උප්පැන්න සහතිකය ඕනේ.

එකම පාසලකට ගණ(කාණ්ඩ) කිහිපයකින් ඉල්ලුම් කරනවනම් එක් එක් ගණවලට(කාණ්ඩ) වෙන වෙන ම අයදුම්පත් ඉදිරිපත්කරන්න ඕනේ. (උදා ඔබ කොළඹ විශාකා විද්‍යාලයට ආදි ශිෂ්‍ය කාණ්ඩයෙන් සහ ආසන්නතා කාණ්ඩයෙන් අයදුම්කරන්න සුදුසුකම් තියෙනවනම් ඒ කාණ්ඩ දෙක සඳහා වෙන් වෙන්ව අයදුම් කරන්න ඔබට පුළුවනි.

දරුවා ඇතුළත් කරන්නට ඔබ කැමති පළාත් පාසල් 3ක් ඇතුළුව පාසල් 6කට අයදුම් කරන්න ඔබට පුළුවන් බවත් මතක තබාගන්න. වෙන් වෙන්ව පාසල් වෙත පිළියෙල කරන ඒ අයදුම්පත්වල ප්‍රමුඛතා අනුපිළිවෙළට පාසල් නම් කරන්න ඕනේ.

අයදුම් කරන පාසලට ආසන්න පදිංචි කරුවෙක් නම් ඒ බව තහවුරු කරන ලියකියවිලි ඕනේ. ඡන්ද හිමි නාම ලේඛනයේ අවුරුදු පහක පදිංචිය තිබුණොත් ඔබට මේ කාණ්ඩය යටතේ ලබාදෙන ලකුණු 5 ම ලැබේවි. හිමිකම තහවුරු කරන්න මේ ලේඛන ඕනෙ එකකින් පුළුවන්.

(සින්නක්කර ඔප්පු/තෑගි ඔප්පු/දීමනා පත්‍ර/රජයේ ප්‍රදාන/ප්‍රකාශන ඔප්පු/ගෙවීමේ පදනම මත ඇති නිවාස ලේඛන)
පදිංචිය තහවුරු කරන්න මේ ලියකියවිලිත් ඔබට යොදාගන්න පුළුවනි.
(ජාතික හැඳුනුම්පත / විදුලි බිල්පත/ජල බිල්පත / දුරකථන බිල්පත්/ දරුවාගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාඩ්පත/ සමෘද්ධි හිමිකම් කාඩ්පත/ විවාහ සහතිකය/ බැංකු ගිණුම් ‍පොත/ ඔබේ රාජකාරී පත්වීම් ලිපිය)
තව දෙයක් මතක තියාගන්න. ඔබ දරුවා ඇතුළත් කරන්නේ ආදිශිෂ්‍ය ගණයෙන් නම්, ඒ කියන්නේ දරුවා ඇතුළත් කරන්න හදන පාසලේ ඔබ ආදිශිෂ්‍යයෙක් නම් පාසල් කාලය තුළ ඔබ ලබාගත් අධයාපන ජයග්‍රහණ ආදිය ඇතුළත් සහතික සහ වෙනත් ලියකියවිලි වෙනම එකතු කරගෙන තියාගන්න. ඒ සහතිකවලට, ඔබේ ක්‍රියාකාරී සහභාගීත්වය ඔප්පු කරන ලේඛනවලට මේ ගණය යටතේ ඔබට ලකුණු ලැබෙනවා.
දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කෙරෙනවා.
පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්  – 50%
පාසලේ ආදි සිසු/සිසුවියන්ගේ දරුවන් – 25%
දැනටමත් අදාළ පාසලේ සහෝදර සහෝදරියන් ඉගෙනුම ලබන දරුවන් – 15%
අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දරුවන් – 05%
සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු ලැබූ නිලධාරීන්ගේ දරුවන් – 04%
දරුවා සමඟ විදේශගතව සිට නැවත පැමිණි දෙමව්පියන්ගේ දරුවන් – 01%

දරුවන් ඇතුළත් කරගන්න සම්මුඛ පරීක්ෂණවලට ගිහින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරල අපහසුතාවට ලක්වෙන්නෙ නැතිව ඔබට අයදුම් කරන්න පුළුවන් කාණ්ඩය නිවැරදිව තෝරාගන්න. ඉන් පසු ඔබට අවශ්‍ය ලියකියවිලි කල් ඇතිව සූදානම් කරගන්න. හොඳින් මතක තබාගන්න, කිසියම් හෝ වැරදිසහගත ලේඛනයක් ඔබේ අයදුම්පත සමඟ තිබුණොත් ඒ අයදුම්පත සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඔබේ දරුවාගේ ජීවිතය එක්ක බොරු කරන්න එපා.
මීට අමතරව 2018 වර්ෂයට අදාළ නව චක්‍රලේඛණයේ අලුතෙන් වෙනස්වී ඇති තොරතුරු දැනගන්න කැමති අයට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය බලන්න පුළුවනි. මේ තමයි ඒ චක්‍රලේඛය ඩවුන්ලෝඩ්කරගන්න වෙබ් ලිපිනය (www.moe.gov.lk) අනික් වෙබ් අඩවි පලට පහත ලිනක්ස් භාවිතා කරන්න.
එහෙනම් කට්ටිය වැඩේ හරියටම කරගන්න ඔබ සැමට ජය ...
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ