" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, October 1, 2012

මුහුණ පොතේ LIKE පොත හදා ගමුද..? MY LIKE BOOK



හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් අවේ ඔයාලට මැක්සා වැඩ කෑල්ලක් හොයාගෙන. මේකත් ඉතින් අලුත් දෙයක් තමයි. මගේ මේ පොස්ට් එකේ ටොපික් එකයි පික් ඒකයි දැක්කහම කට්ටියට හිත ගන්න පුළුවන්නේ මේ මොනවගේ දෙයක් ගැනද කියන්න යන්නේ කියලා නේද. හරි හරි එහෙනම් මම කතාවට එන්නම්කෝ.

අද මම කියන්න යන්නේ මුහුණ පොතේ ලයික් පොත ගැන.. හි හි .. එහෙමත් නැත්තම් මම මෙහෙම කියන්නම්කො අද මම කියන්න යන්නේ. MY FACEBOOK LIKE BOOK ගැන. මේකනම් ඇත්තටම මුහුණ පොතේ දෙයක් උනාට Facebook Company එකෙන් කරන වැඩක් නම් නෙවෙයි. ඒ උනාට මේක මටනම් හිතට ඇල්ලුවා. මාර ලස්සන වැඩක්. හරි මම එහෙනම් මේ ගැන පොඩි විස්තරයක් දාන්නම්කො.


ඉතින් මේක ඇවිල්ලා වෙබ් සයිට් එකක්. මේකෙන් අපිට අපේ මුහුණ පොත සම්බන්ද කරලා අපේ පහුගිය කලේ Activity වලින් පොතක් හදා ගන්න පුලුවන්. මේකේ නම් තමයි "මයි ලයික් බුක්, MY LIKE BOOK" කොහොමද වැඩේ නේද? හැබැයි ඉතින් කට්ටියටම කියන්න ඕනේ මේකනම් නොමිලේ දෙන සේවයක් නෙවෙයි හරිද.? මේක හදා ගන්නවානම් අපිට සල්ලි දීලා තමයි මේ වැඩේ කර ගන්න වෙන්නේ. මෙයාලා මේ පොත විතරක් නෙවේ තව පෝස්ටර් එකක් එහෙමත් හදා ගන්න පුළුවන්. පල්ලෙහා තියන රුපය බලන්නකෝ.

හි හි මේ කව්ද මේ.. ඔන්න ඔය විදියට තමයි අපේ පෝස්ටර් එක හැදෙන්නේ අපිට ඕන රූපයක් දීලා, මේ වැඩේ අපිට කරගන්න පුළුවන්. ඊටත් අමතරව අපිට මේ පොත හැදීමෙදි අපිට අවශ්‍ය පිටු ගාන තෝරා ගත හැක එම පිටු ගාන අනුව අපේ පොතේ මිල වෙනස් වේ, ඊටත් අමතරව අපිට මේ පොත අපේ Profile එක ගැනද Fan Page එක ගැනද Group එකක් ගැනද ලෙස තෝරා අපිට මේ පොත හදා ගන්න පුළුවන්.

මෙන්න තියනවා මේ ගැන පොඩි වීඩියෝ කට්ටක් ඒකත් බලලම ඉන්නකෝ එහෙනම් දැන්...




ආ.. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ පොත අපිට අපේ යාලුවෙක් වෙනුවෙන් උනත් හද ගන්න පුළුවන් ඉතින් අපේ යාලුවට දෙන්න හොඳ තෑග්ගක් වෙයි නේද මේක. හරි හරි දැන් විස්තර කිව්වා ඇති මෙන්න පල්ලෙහා දාලා තියනවා මෙතනට යන්න ඕනේ පාර. ඔයාලත් ගිහිල්ලම මේක බලන්නකෝ.

හරි එහෙනම් මම දනට නවතිනවා ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු ආ. මේ පොතට මම අස උනාට මට ඉතින් ඕක කරගන්න ක්‍රෙඩිට් ඩෙබිට් කාර්ඩ් නෑ. අහිංසක අසාවත් සමග මම කැපෙන්නම් හොඳේ.. කස්ටියටම ජය ආ...

Share:

3 comments:

  1. හ්ම්ම් මම මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ.ස්තුතියි කීවට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකනේ,, හිරු.. මටත් මේ පොත හද ගන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරේ කිසිම අයිඩියා එකක් නෑ.. කොමන්ටුවට තැන්ක්ස් ආ...

      Delete
  2. Hello! I know this is kinda off topic but I was wondering which blog platform are you using for this website?
    I'm getting sick and tired of Wordpress because I've had problems with hackers and I'm looking at options for another platform. I would be fantastic if you could point me in the direction of a good platform.

    My web page :: oyun (oyunistasyon.net)

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ